IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අනාගත බෑනාගේ බතුයි මසුයි කිරියි සංග්‍රහයෙන් විවාහය දෙදරලා

විවාහ කර ගැනීමට අපේක්ෂිත යුවතියගේ මව පියා සහ සොහොයුරාට අමුතු බතක් දීමට ගොස් විවාහය කඩාකප්පල් කර ගත් ගොවි තරුණයෙකු පිළිබඳ කතාවක් කැබිතිගොල්ලෑව පළාතේ ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ඔහු තරමක් මෝඩ පහේ ගැමි තරුණයෙකි. එහෙත්, හේන් කුඹුරු වැඩ මනාව කළ නිසා අගහිඟකමක් නැත. මෙම තරුණයාට නුදුරු ගමකින් තරුණියක විවාහ කර ගැනීම සඳහා මංගල යෝජනාවකින්  සැලසුම් කර තිබුණි.
දිනක් තම ගම් ප්‍රදේශයේ සිට එම තරුණියගේ මව පියා සහ සහෝදරයා කිසියම් පෞද්ගලික කටයුත්තක් සඳහා ගොවි තරුණයාගේ ගමට යාබද ස්ථානයකට පැමිණ සිටිය දී, ගොවි තරුණයාට අහම්බෙන් මුණ ගැසුණි.


තරුණයා ඔවුන්ගෙන් ආගිය තොරතුරු විමසා, තම නිවසට ගොස් කෑම ටිකක් කාලා යමු යැයි යෝජනා කළේය.
ඔහුගේ අනාගත නැන්දා මාමා සහ මස්සිනා කොතරම් අකමැති වුව ද, ‘‘වෙන්න බෑනාගේ”‍ පෙරැත්තය අහක දැමීමට බැරිම තැන ඔවුහු කෑමට අනාගත බෑනා ගේ නිවසට පිය නැගූහ.
අද අපේ ගෙදර අම්මලා අප්පච්චිලා ගමනක් ගියා. උදේට උයපු බත් මාළු, තියෙනවා. මුදවපු කිරි හට්ටියකුයි, දඩමස් හට්ටියකුයි උයල තිබුණා. මම ඉක්මනට බෙදාගෙන එන්නම්”‍. යැයි පවසා, නෑදෑයන්ට අත් සෝදා ගැනීමට වතුර ද අල්ලා කඩිමුඩියේම මුළුතැන්ගෙට  පැන්නේ ය.
සෝදාගත් අත්වල වතුර වේළී යන තුරුම බත් නොලැබුණු බැවින්, නැන්දම්මා කුස්සියට ගොස් විපරම් කර බැලු‍වා ය. ‘‘වෙන්ඩ බෑනා”‍ කුස්සියෙන් පැන ගොසිනි. පිඟන් තුනක් පෙනෙන්නට තිබුණු අතර, බතුයි, මසුයි. කිරියි තිබූ හට්ටි සියල්ලම හිස් වී තිබෙන අයුරු නැන්දම්මා දුටුවාය.


ඒ සමගම මස්සිනාගෙ දුරකතනය නාද විය. ‘‘මචං, බතුයි, මසුයි, කිරියි අපේ ගෙදර හැතිකරේ කාටදෝ අරන් ගිහිල්ලා.”‍ කියමින් අනාගත බෑනා දුරකතනය  විසන්ධි කළේය.
නෑදෑයන් තුන්දෙනා මුවින් නොබැන තම නිවසට ආපසු පැමිණියහ. ඒ සමගම අනාගත බෑනාගේ දුරකතනය නාද විය. ‘‘මචං, බතුයි, මසුයි, කිරියි නිසා අපේ ගෙදර හැතිකරේ අපේ නංගී වෙන එකෙකුට දෙන්න තීරණය කරලා.”‍ යැයි කියමින් අනාගත මස්සිනා දුරකථනය  විසන්ධි කළේය.

කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය

 



අදහස් (0)

අනාගත බෑනාගේ බතුයි මසුයි කිරියි සංග්‍රහයෙන් විවාහය දෙදරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site