IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අත පය වීසි කර බයිට් වෙලා පොකට්ටුවත් හින්දගෙන

කඹුරුපිටිය විශේෂ - කේ. අජිත්
ඕනෑම අයකු සමග කතාබහ කරද්දී අත පය වීසි කරමින් කතා කිරීමේ පුරුද්ද නිසා මගී ප්‍රවාහන බසයක් තුළදී එක්තරා පුද්ගලයකුට වූ අකරතැබ්බයක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ ප්‍රධාන නගරයකින් පසුගියදා වාර්තා විය.
බොහෝ පුද්ගලයෝ කතා කරන විට විවිධ ඉරියව් අනුගමනය කිරීමට පුරුදු වී සිටිති. ඒ අතර ඔහු ද කවුරුන් හෝ සමග කතා කරද්දී අත පය දෙපසට විහිදුවමින් කතා කිරීමට පුරුදු වී සිටියේය. මේ නිසාම ඇතැමුන් ඔහු එන බව දුටු විට මගහැර යන්නේ, කතාවට වැටුණහොත් ගැලවීමක් නොමැති හෙයිනි. 
දිනක් ඔහු දුර බැහැර පෙදෙසකට යාමට බසයට නැග, ඉඩ ඇති තැනක් බලා ඉඳගත්තේ ජංගම දුරකතනය ද අතැතිවය. ළඟ සිටි පුද්ගලයා කතාවට අල්ලා ගැනීමට සිතුව ද ඔහු ඒ වන විටත් තම අත රැඳි දුරකතනයෙන් මුහුණුපොත සැරිසැරීම නිසා එය ද ව්‍යර්ථ විය. 


කිසිදු කතාබහක් නොමැතිව ගමන් කිරීම ඔහුට මහත් අපහසු කාර්යයක් විය. ඒ සමගම ඔහුගේ දුරකතනය නාද වූයෙන් එය කන තබාගත් ඔහු මුළු බසයටම ඇසෙන පරිදි ප්‍රතිචාර දක්වන්නට විය. කතාව දුරදිග ගිය බැවින් හේ අත පය වීසි කරමින් කතා කරන්නට වූයේ, උන්හිටි තැන් ද අමතක කරමිනි. මෙය බසයේ සිටි සෙස්සන්ට මහත් විහිළුවක් මෙන්ම සමහරුන්ට මහත් කරදරයක් ද විය.
එහෙත්, එක්වරම ඔහුගේ අත අසල සිටි අයගේ අතෙහි වේගයෙන් වැදීම නිසා එම පුද්ගලයා අත තිබූ දුරකතනය වීසි වී බිම පතිත විය. සැණෙකින් ඔහු දෙස ඔරවා බලමින් දුරකතනය ඇහිඳගත් අතර, එහි මුහුණත බිඳී තිබූ අයුරු දුටු හිමිකරු ඔහු සමග රණ්ඩු කරන්නට විය. 
බසයේ සිටි මගීන්ගේ මැදිහත් වීමෙන් රණ්ඩුව සමථයකට පත්වූයේ දුරකතනය සාදා දෙන පොරොන්දුව නිසාවෙනි. දෙදෙනාම අතරමගදී බැස ජංගම දුරකතන අලු‍ත්වැඩියා කරන ආයතනයකට ගියත්, එහිදී ඔහුට දෙවියන් සිහි වූයේ එයට වැය වන මුදල දැනගැනීමෙනි.
“මේවා මට හොඳ පාඩම්” යැයි තමාටම මුමුණාගත් ඔහු නැවත ගෙදර යාමට හැරුණේ ගමන යාමට අවශ්‍ය මුදල් නොමැති නිසාවෙනි.



අදහස් (0)

අත පය වීසි කර බයිට් වෙලා පොකට්ටුවත් හින්දගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site