IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


‘අත්‍යවශ්‍ය සේවා’ විහිළුවට ගිය මිතුරාට තොප්පියක්

(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
හිතවත්කමට දුන් දුරකතන පණිවුඩයක් නිසා රාජ්‍ය සේවයේ නිරතව සිටින සේවකයකුගේ වැටුපට තට්ටුවී පිට පළාතකට ස්ථාන මාරුවක් ලබා ගෙන යාමට සිදුවීමේ පුවතක් වයඹ පුරවරයේ රාජ්‍ය ආයතනයකින් අසන්නට ලැබුණි.


අනාවරණය වූ ආකාරයට සිද්ධිය මෙසේය.


පවතින තත්ත්වය හමුවේ රට පුරා සංචරණ සීමා ක්‍රියාත්මක වෙමින් පවතී. මේ අතරේ ලොරි රථ රියැදුරකු අත්‍යවශ්‍ය සේවා සඳහා තම ලොරි රථය යෙදවීමට කැමැත්තෙන් සිටියේය. ඒ බව දැනගත් රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු වෙස්වලාගත් අයෙක් දිනක් මැදියම් රැයේ සගයාගේ  පෞද්ගලික දුරකථනයට පණිවුඩයක් දුන්නේය.


“මහත්තයා අත්‍යවශ්‍ය සේවා සඳහා හෙට උදේම ලොරිය අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ළඟට පැමිණෙන්න.”


ඒ සමඟම ඔහුගේ දුරකථනය ද විසන්ධි විය.


කතා කළේ කවුද යන්න දැනගැනීමට විමසීමක් නොකළ රියැදුරා පසු දින උදේම ලොරියද රැගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගොස්


“මට අත්‍යවශ්‍ය සේවා සඳහා බඩු ප්‍රවාහනයට එන්න කීවා.”


“ඔයාට එන්ඩ කීවේ කවුද?”


ඔවුන් නගන ප්‍රශ්න හමුවේ අසරණ ව රියැදුරා පෙර දින රාත්‍රීයේ දුරකථන සංවාදයේ හඬ පටය එහි නිලධාරින්ට අසන්නට සැලැස්වීය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිහු එම හඬ පටයට සවන් දීමෙන් අනතුරුව අදාළ දුරකථන අංකය හිමි කාර්යාලයේ ආයතන ප්‍රධානියා ද  එම ස්ථානයට ගෙන්වා ගත්හ. ඔහුට ද එම හඬ පටය අසන්නට සැලැස්වීය.


සියල්ල තේරුම් ගත් ආයතන ප්‍රධානියා වහාම පෙර දින රාත්‍රි මුර සේවයේ යෙදී සිටි මුරකරුවා තම ආයතනය වෙත කැඳවීය. නිල මුද්‍රා කඩා දොරවල් විවෘත කර ආයතනයේ ස්ථාවර දුරකථනය පාවිව්චි කිරීමේ වරදට ඔහු වැරදිකරු විය.


තම මිතුරා වෙනුවෙන් විනෝදයක් පතා තමා මෙම ක්‍රියාවේ යෙදුණු බවට තොරතුරු හෙළිදරව් වූයේය. එම මාසයේ කාර්යාලීය දුරකතන ගාස්තුව ද ඔහුගේ වැටුපෙන් අයකර ගැනීමට බලධාරිහු කටයුතු කළහ.


එතැනින් නොනැවතුණු බලධාරින් ඔහු එම ආයතනයේ පිට පළාතකට අයත් වෙනත් සේවා ස්ථානයකට මාරු කර යැවීමට ද පියවර ගත්තේය.


 නිවසේ සිට දිනපතා සේවයට ගිය ඔහු  මිතුරා නොමග යැවීමට යාමෙන් තමාට අත්වූ ඉරණම හමුවේ අත්‍යවශ්‍ය සේවාව වෙනුවෙන් පිටස්තර ප්‍රදේශයක නැවතී දැඩි අසීරුතා මැද දැන් සේවයේ යෙදෙන බවට තොරතුරු අනාවරණය විය.



අදහස් (1)

‘අත්‍යවශ්‍ය සේවා’ විහිළුවට ගිය මිතුරාට තොප්පියක්

fairoos Sunday, 20 June 2021 03:49 PM

සර් එක්ක විහිළු කරන්න බෑ. දැන් සැපද? 

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1583 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1374 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site