IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අත්තෙන් අ.ත්තට පැන්න බෑණාට මාමාගෙන් පාඩමක්

තැන නොතැන නොබලා මාමා දුන් උපදේශයක් නිසා සිය පෙම්වතිය අහිමි වූ බෑණා කෙනෙක් පිළිබඳව වූ මේ තොරතුර ආරංචි වූයේ ඇතුගල පැත්තෙනි. 


දකුණු පළාතේ පදිංචිකරුවෙකු වූ මේ මාමා සිය වාහනයට අමතර කොටස් මිලදී ගැනීමට වයඹ පළාතේ ප්‍රධාන නගරයට ගොස් එහි ආපන ශාලාවකට ගොඩ වූ මොහොතේ දුටුවේ මීට වසර හතරකට පමණ පෙර ගමෙන් අතුරුදන්ව සිටි ඔහු තරුණියක සමග සිටින බවය. 


මාමා දුටු විට සැඟවෙන්නට ගියත් ඊට පෙර මාමා ඔහුට තමා වෙතට එන ලෙස සංඥා කළේය. 


“මාමෙ මං මුණ ගැහුණා කියලා කටවත් කියන්න එපා.” ඔහු බැගෑපත් විය. 


“අර කවුද?” මාමා ඇසුවේ තරුණිය දෙස බලමිනි. 


“මම බඳින්න ඉන්නෙ එයා.” ඔහු කීමෙන් මාමාට අතීතය සිහිවිය. තම බාල දුවටද පෙම්කොට පසුව තවත් කීපදෙනකු සමග සබඳතා පැවැත්වූ ඔහු පසුගිය කාලයේ ගමෙන් අතුරුදන්ව තිබිණ. 


“කී දෙනෙක් බඳින්න ගියාද? පිස්සු කරන්නේ නැතුව ඕකවත් බැඳ ගනින්” ඔහු කෝපයෙන් කී වචන තරුණියට ද අසුණෙන් ඔහුට දෙවියන් සිහිවිය. 


පසුගියදා ගමේ ඇවිත් ගිය ඔහු පවසා තිබුණේ “මාමා නිසා ඒ මඟුලත් හබක්” කියාය. 

(තිහගොඩ උපසේන ලියනගම)

 



අදහස් (0)

අත්තෙන් අ.ත්තට පැන්න බෑණාට මාමාගෙන් පාඩමක්

ජනහිත Friday, 20 January 2017 12:38 AM

දැන් ඉතින් තියෙන්නේ කොහොමහරි මාමාට කන්කෙඳිරිගාලා සමාව අරගෙන මාමගේ දුවම අල්ලගන්න එක තමා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site