කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
අලුත් අවුරුදු ගනුදෙනුවලින් නිවසට අලුත් දෙයක් රැගෙන ඒමට ගොස් අලුත්ම දෙයක් සිදුකොට භාර්යාවගෙන් කොසු පහර කෑ සැමියකු පිළිබඳ කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදු ගනුදෙනු එකතු කර අලුත් දෙයක් ගෙන ඒම මේ නිවසට අලුත් දෙයක් නොවේ. සෑම වසරකම මේ කටයුත්ත මේ ගෙහිමි කත ඉටු කළේ භාරයක් ඔප්පු කරන්නාක් මෙනි. මොන වැඩේ තිබුණත් ඒ සඳහා නොවරදවාම ගියේ ඇයය. මෙදා ගෙවල් ඉඳුල් කිරීම සිදු කෙරුණේ මළ හිරු බැසයන සන්ධ්‍යාවේ නිසා ගෙවල් කෑමෙන් ලැබුණු මුදල් සියල්ලම ඇය ලබා දුන්නේ සැමියාටය. ඒ අලුත් අවුරුද්දේ ඉස් ඉස්සෙල්ලාම නිවෙසට අලුත් දෙයක් ගෙන ඒමටය. ඔහු නිවෙසින් ගියේ ඒ අනුවය.
අතරමගදී මිතුරකු මුණ ගැසී ආ ගිය කතාවකට මුල පිරීය. නිවස කිට්ටු නිසා මිතුරාගෙන් ඔහුට කෙටි ආරාධනයක් ලැබුණේය. ඒ නිවෙසට ගොස් හීන් අඩියකින් සප්පායම් වීමටය.
දවසේ නිවසේම සිටි ඔහු මේ ආරාධනය අහක නොදැම්මේ අතටම ලැබුණු වාසනාවට පයින් ගැසීමට අකමැත්ත නිසාය.
යන්න ආ වැඩේ මතක් කළ ඔහු එහෙනම් ඉක්මනින්ම එකක් දෙකක් දාගෙන යන්නම් කියමින් මිතුරාගේ නිවෙසට ඔහු ගියේ අඩියට දෙකටය.
වැඩි වෙලාවක් යාමට මත්තෙන් එකා දෙන්නා ගෙදරට එක් වූහ. ෂොට් එකක් දා ගැනීමට ගිය ඔහු දෙකක්ම ගත්තේය. දැන් කතා වැඩිය. බඩු මදිය. ආපු කාරණේ අමතකය.
සාක්කුවේ තිබුණු මොනරු, සමනල්ලු කොළ ඔහු දුන්නේ තව බෝතලයක් ගෙන ඒමටය. දැන් අමර පදමය. ඒ බෝතලය ද නිමාවිය. පිරිස ද විසිර ගියහ.
ඔහු වැනි වැනි නිවෙසට ගියේය. නිවෙස අතුගාමින් සිටි භාර්යාවට සිදුවී ඇති දේ ඒත්තු ගියේය. ඇයට යකා වැහුණේ තත්ත්පර දෙකෙන් තුනෙනි. දොරෙන් ඇතුළු වන විටම කොසු පහර වැදෙන්නට විය. ඔහුගේ වෙරි සිඳී ගියේ නිවෙසින් එළියට ගිය කාරණය ද සිහියට එමිනි. සිහිය එනවිට සාක්කුවේ මුදල් ද වාෂ්ප වී ගොසින් තිබෙනු දුටු ඔහුට හීන් දහඩිය දැම්මේ දැන් ඉතින් ඉඳලා ඉවර යයි තමාටම කියා ගනිමිනි.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
අතට ආ වාසනාව කටට දාගෙන අවුරුදු දා බිරියගෙන් ගුටි කාලා
රිතික් Thursday, 20 April 2023 05:26 PM
වාසනාව අතට නොගෙන බිරිඳගේ කටට දුන්නනම් ගුටි නොකා බේරෙන්න තිබුනා