IMG-LOGO

අණ නොතකා රේස් ගිහින් අන්තිමයා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
තෙවැනි සංඥාව හෙවත් විධානය ලැබෙන්නට පෙර තනිවම ධාවන තරගයක යෙදුණු තරගකරුවකු සහෝදර සිසුන්ගේ උසුළු විසුලු මැද තරගයෙන් ඉවත්වීමේ සිද්ධියක් පසුගියදා පාසල් ක්‍රීඩාපිටියකින් වාර්තා විය.


ක්‍රීඩාවට අකමැත්ත පළකළ පාසලේ ඉහළ පන්තියක සිසුවෙකි. නිවාසාන්තර ක්‍රීඩා තරගයේදී නිවාස නායකයාගේ ඉල්ලීම මත මෙම සිසුවා මීටර් 400 ධාවන තරගයකට ඉදිරිපත් වීමට කැමැත්ත පළ කළේය.


තරගයට කැඳවිණි. සැරසෙන් එලවෙන් කියද්දී මේ තරගකරුවා දිව යන්නට සූදානම් වෙද්දී විනිශ්චය මණ්ඩලය ඔහු නවතා ගැනීමට කටයුතු කළේය. දෙවැනි වර නියමිත සංඥාව ලැබෙන්නට පෙර ඔහු දුවන්නට පටන් ගත්තේය. ක්‍රීඩාපිටිය පුරා සිටි සියලු දෙනා එක සේ ඔල්වරසන් දෙති. කමෝන් කමෝන් කියති.


ඔහු සිතුවේ තමන්ගේ ධාවනයට සියල්ලනගේම හුරේ පළ වන බවයි. මීටර් 400 අවසන් වන්නට ආසන්නය. ඔහු පසුපස බැලීය. තරගකරුවන් කිසිවෙක් පෙනෙන්නට නැත. තමන් ඒ තරමට ඉදිරියට ගිය බවට ඔහු සිතේ මහත් සතුටක් ඇතිවූයේය.


ඔහු තරගය අවසාන කරද්දී සෙසු තරගකරුවන් පෙර සේ තරගයේ යෙදීමට සුදානම්ව සිටිනු දැකිය හැකි විය. සිදුවූ සියල්ල ඔහුට වැටහිණි. කරන්නට දෙයක් නැත, තමන්ගේ කලබලය නිසා නිකරුනේ වටයක් තනිවම දිව ගොස් අවසන්ය. නියමිත පරිදි තරගය ආරම්භ වෙද්දී ඔහු ආයාසයෙන් තරගයේ යෙදුණේය. හිමිවූයේ අන්තිම තැනය. ඩෝං කියන්න ඉස්සෙල්ලා දිව්වොත් නම් මෙයා පළවෙනියා වෙන එක ස්ථිරයි කියා සහෝදර සිසුන් කියද්දී දැන් මේ සිසුවා ක්‍රීඩාපිටිය දෙසවත් නොබලා තරගකටයුතුවලින් ඉවත්ව සිටී.

 



අදහස් (1)

අණ නොතකා රේස් ගිහින් අන්තිමයා

himal Saturday, 16 February 2019 02:08 PM

මේ පාසැල් යන සිසුවෙක්... මෙවැනි පොඩි වැරදීමක් වුණාම ඒක මේ වගේ හෙළා දකිනවා නම් උපහාසයට පත් කරනවා නම් මොකක්ද මේ අනෙක් අයගේ සදාචාරය? උසේන් බෝල්ට් පවා වරක් වැරදි තරග ආරම්භයක් ගත්තා...

:       81       158

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 660 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 783 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site