IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අඩි 15 ක වටින් යුත් උස අඩි 40 ක පුවක් ගසක අතු කපන්නැයි දන්වලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

වට අඩි පහළොවකින් යුත් අඩි හතළිහක් උස පුවක් ගසක අතු කපා ඉවත් කරන ලෙස ගම්වැසියකුට නියෝග කිරීමේ සිද්ධියක් පසුගියදා බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනයකින් වාර්තා විය.

ගම්වැසියකු පළාත් පාලන ආයතනයකට පැමිණිලි කර තිබුණේ තමන්ගේ නිවසට යන එන මාර්ගයට අවහිර වන පරිදි වෙනත් ඉඩමක ගස් කිහිපයක් ඇති බවටයි. ඒ අනුව ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව වගඋත්තරකරුට නියෝගාත්මක ලිපියක් යවනු ලැබීය. මිල්ල, නැදුන්, අඹ හා මහෝගධෑ ගස් පහක් හා පුවක් ගසක් ගැන එහි සඳහන් විය.

පුවක් ගස වට අඩි පහළොවකින් යුත් බව ලිපියේ පැහැදිලිව සඳහන් වූ අතර අනෙක් ගස් වට අඩි තුනේ සිට අඩි හතරහමාර දක්වා වන බව ද එහි දැක්විණි. ලිපියේ සඳහන් ගස් හා අතු මෙම ලිපිය ලැබී දින දාහතරක් ඇතුළත කපා ඉවත් කරන ලෙසට නියෝග කරනු ලැබ තිබූ අතර එසේ කිරීමට අපොහොසත් වුවහොත් පළාත් පාලන ආයතනයේ වියදමින් කපා ඉවත් කර අලාභය පියවා ගන්නා බවට ද අනතුරු අඟවා ඇත. මෙම ලිපිය ලද පසු ඉඩම් හිමියා වික්ෂිප්ත විය. මිල්ල, නැදුන්, අඹ හා මහෝගධෑ ගස් ගැන ගැටලුවක් නැත. කරදර බව කියනවා නම් කපා දැමිය හැකියි. එහෙත් වට අඩි පහළොවක පුවක් ගසක් තමන් අසාවත් නැත.

අසා තිබුණත් පුවක් ගසක කපන්න අතු නැත. එමෙන්ම කැපිය යුතු බව කියන ගස් පිහිටා ඇත්තේ ද වැට මායිමේ සිට අඩි 13 සිට අඩි 35ක් තරම් දුර පරාසයක වීමද විශේෂත්වයකි. උභතෝකෝටික ගැටලුවකට මුහුණ පෑ ඉඩම් හිමියා නියෝගය පරිදි කැපිය යුතු වට අඩි පහළොවක පුවක් ගස සොයමින් තැන තැන රස්තියාදු වෙමින් සිටින අතර සාමාන්‍ය දැනීමක් නැති නිලධාරීන් මෙන්ම දේශපාලකයන් සිටින රටකට අබ සරණක් වත් නැති බව ජනතාව පවසති.

 



අදහස් (4)

අඩි 15 ක වටින් යුත් උස අඩි 40 ක පුවක් ගසක අතු කපන්නැයි දන්වලා

sam Thursday, 19 December 2019 08:44 AM

මේ ප්‍රශ්නය ඇති වුනේ අඟල් වෙනුවට අඩි කියලා ලියවීම නිසා බව තේරුම් නොගෙන ඉන්න අයටත් අබ සරණම තමයි.

:       179       4

sumbaFriday, 20 December 2019 01:28 AM

එතකොට මේ විදියේ කොයි ආකාරයේ නියෝග ආවත් ජනතාව එය තමාට ආදාළ වන ආකාරයට සකසා වහාම ක්‍රියාත්මක වී කටයුතු කළ යුතුයි. නිලධාරීන් යනු පිටසක්වල ලෝකයකින් මෙලොවට සැපත් වූ ජීවීන් කොටසක් බව පසක් කරගත යුතුයි...

:       0       2

Anura Friday, 20 December 2019 04:25 AM

අපේ ගම්වල ඉන්නේ අනුන්ගේ වත්තක ගහක් දැක්කත් ඉරිසියාවෙන් පෙලෙන අයයි.

:       0       2

sampath Friday, 20 December 2019 12:18 PM

මේකේ පටලැවිල්ලක් තියෙනවා. කෙසේවෙතත් දැන් ඉන්න ළමයින්ට සාමාන්‍ය දැනීමක් නෑ.. පොතේ ගුරාලා ඉන්නේ... මෙරටට මෙහෙම වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ විභාග ක්‍රමය ගිරව් වගේ පාඩම් කරලා ගොඩ දාගන්නවා. මහපොළවේ තියෙන කිසිදෙයක් ගැන අවබෝධයක් නෑ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site