IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අඩියක් ගසා මුර වැඬේට ගිහින් අතපය ලෙලිගසාගෙන රස්සාවත් නැතිවෙලා

පදම ඉක්මවා අඩියක් ගසා මුර රස්සාවේ යෙදී සිටි තරුණයකු මැදියම් රැයේ වැඩබිමට ඇතුළු වූ සොරෙකු පසුපස පන්නන්නට ගොස් වැඩ බිමේ තිබූ මඩ වළකට වැටී අතපය ලෙලි ගසාගෙන රෝහල් ගතවන්නටත් අන්තිමේදී රස්සාවට සමුදෙන්නටත් සිදුවීමේ පුවතක් වියලුවෙන් වාර්තාවේ. 
සිද්ධිය මෙසේය. 


එය ඉන්ධන ටැංකි සවි කිරීම සඳහා තැන් තැන්වල විශාල වළවල් හාරන ලද ඛණිජ තෙල් සංස්ථාවට අයත් වැඩ බිමකි. 


පිළිගත් ආරක්ෂක සේවාවකින් තරුණ මුරකරුවෙකුද ආරක්ෂාවට යොදවා තිබිණි. 


රෑ සේවා මුරයේදී ගමේ බඩු ගෙන්වා ගෙන තම මිතුරන්ද සමඟ අඩියක් ගැසීමට තරුණ මුරකරු කටයුතු කළේ එහි සියලු දෙනාටම ඇති තරම් නිදහසද තිබූ හෙයිනි. 


පසුගිය දිනෙකද මිතුරු පිරිස එහි පැමිණියේ අවශ්‍ය කළමනා සියල්ලද රැස් කරගෙනය. 


මැදියම් රැය ආසන්න වන තුරුම පැවැති සාදය අවසන් වූයේ වැඩබිමේ එපිටින් ඇසුණු කම්බියක් ඇදීමේ හඬක් නිසාය. 


එසැනින් ක්‍රියාත්මක වූ තරුණ මුරකරු අඩ අඳුරේම ඒ දෙසට දුවද්දී වැඩ බිමේ කම්බි ගොඩ අසල සිටි අයෙකු දිවයනු දැක ගන්නට ලැබිණි. 


“හොරෙක් හොරෙක්” යයි කියමින් ඔහුද ඒ පසුපස දුවන්නට වූ අතර මඳ වේලාවක් ගත වෙද්දී එය “බුදු අම්මෝ” යනුවෙන් මහත් විලාපයකට පෙරළිනි.


පසුපසින් ගිය මිතුරු පිරිසට විදුලි පන්දම් එළියෙන් දැකගන්නට ලැබුණේ තෙල් ටැංකි දැමීම සඳහා අඩි ගාණක් කපන ලද මඩවළක වැටී  මඩ නාගෙන දඟලන තම මිතුරාය. 


වළට වැටීමෙන් ඇඟ පත ලෙලි ගොස් තිබූ ඔහු මහත් පරිශ්‍රමයක් දරා ගොඩට ගෙන මහ රෑම රෝහල් ගත කළ අතර දින ගණනාවක් ප්‍රතිකාර ගන්නටද සිදුවිය. 


සිද්ධිය සැලවී එහි පැමිණි ආරක්ෂ සේවය භාර ප්‍රධානියා සියලු තතු සොයා බලා ඔහුගේ වැටුපද ලබා දී ඔහුට සමුදී ඇත්තේ ඒ පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් කරමිනි. 

(වියලුව වාර්තාකරු)



අදහස් (0)

අඩියක් ගසා මුර වැඬේට ගිහින් අතපය ලෙලිගසාගෙන රස්සාවත් නැතිවෙලා

බමුණු ආරච්චි Tuesday, 13 September 2016 05:26 AM

බීලා හිටියත් ජොබ් එක හරියට කරලා තිබෙනවා. (නි)

:       0       0

ජනත් Tuesday, 13 September 2016 05:40 AM

බිම නිසා රාජකාරියට කිසිම බාධාවක් වෙලා නැහැනේ. ඒ නිසා රැකියාවෙන් ඉවත්කිරීම ගැන තව ටිකක් සලකා බැලුවොත් හොදයි නේද? පොඩි දඩුවමක් කරලා රැකියාව දුන්නොත් තම පවුලට යැපෙන්න පුළුවන්. මහා රෑ ඔයවගේ තැනක මුර කරනවා කියන්නේ ලොකු දෙයක්.(හේ)

:       0       0

සමන් Thursday, 15 September 2016 09:04 AM

රැකියාව නැති කළ එක තමයි වැරැදි (හේ)

:       0       0

අමාලි Tuesday, 13 September 2016 08:36 AM

එ්ක ඇත්ත. පොඩි අඩියක් ගැහුවට කොල්ලා ජොබ් එක හරියට කරලා තියෙනවා (නි)

:       0       0

අබරන් Tuesday, 13 September 2016 09:51 AM

හොඳ සිහියෙන් හිටියා නම් හොරා පස්සේ දුවන්නේ නැහැ. බීල හිටපු නිසයි මිනිහ වැඩ පෙන්නන්ට ගිහින් තියෙන්නේ. (ර)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 14 September 2016 12:01 PM

බීපු නිසානේ වලේ වැටුනේ , ඒ විතරක් නෙවෙයිනේ දැන් රස්සාවටත් තට්ටු කරගත්තනෙ , අඩියක් ගහන්න ඕනේ නම් නිවාඩුපාඩුවේ වෙල් එලියක වැවු ඉවුරකට සෙට් වෙන්න තිබුණනේ , එතකොටනේ ආස්වාදයේ උපරිමයටම යන්න තිබුණේ කොහෙද ඉතින් .... දැන් රස්සාවත් නැහැ අත පයත් තුවාල කරගෙන ඒ මදිවට විස්තරේ පත්තරෙත් ගිහින් , උඹ නාඩන් උඹ නාඩන් උමබට ඕව හොඳ පාඩම් කියල තමයි කියන්න තියෙන්නේ (අ)

:       0       0

සුජීව - ලෙබනන් Tuesday, 13 September 2016 10:02 AM

අමාලිත් හොදට අඩි ගැන දන්නවා වගේ... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site