IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අඩිපුඩි ගසා “පොල්අඩි“ කාලා

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත


නෝනගේ උපන්දිනය දා නෑනට ගැසූ දඩයෙන් අඩිපුඩි ගසා නෝනාගෙන් පොල් අඩි කෑ අයකු පිළිබඳව අපූරු කතාවක් ගාලු‍ දිසාවෙන් අසන්නට ලැබේ.
නෝනයි නෑනයි ඇයි හොඳයිය තිබුණත්, දෙන්නට දෙන්නාම සිටියේ දෙන්නම ලොකු වංශෙනි. නැතහොත් මහා වංශයෙනි. මමයි උඩින් සිටින්නේ යයි දෙන්නාම සිතූහ. ඒ නිසාම දෙනෑනෝ අතර ලොකු කමට තිබූයේ ලොකු පොරයකි. මතු පිටින් නොපෙනුනද යට අර්ථය එයය.
නෝනාගේ අඩ සියවස් උපන්දිනය ආවේ මේ අතරේය. එය නිකම්ම නිකම් පාකර හැරීමට හොඳ නැතැයි කීවේ ඔහුය. ඒ හිතේ හැටියට එදාට අඩිපුඩි ගැසිය හැකි යයි ඔහු සිතුවේය. උපන්දිනයට උත්සවයක් ගනිමු යයි යෝජනා කළේ ඔහුය. නෝනා එය එක පාරටම ස්ථීර නොකළත් ඇයට සිය නෑනාගේ උපන්දින උත්සවය චිත්ත සන්තානයට ආවාය. ඇයට වඩා තමන්ගේ උපන්දින පාටිය ගත යුතු යයි සිතූ ඇය මේ යෝජනාව ස්ථීර කළාය. ඒ ඔහුගේ සිනා සතුටු සාගරය මධ්‍යයේය.
උපන්දිනයට අවශ්‍ය දෑ ගැනීමට මුදල් ඉල්ලා ගත්තේ නෝනාගෙන්ය. බෝතල් ගැන මුලින්ම කතා නොක​ෙළ් ඇය තමා ගැන වැරදි විදිහට සිතාවී යන්න ඔහු සිතුවේය. නෑනාට ද මේ සඳහා ආරාධනා ලැබීය. සියල්ල සුදානම් වෙමින් පැවතින. බීම ගැන නෝනා තවම කතා බහක් නැතුවාය. ඒ මාතෘකාව දැම්මෙත් ඔහුය. යක්ෂාවේෂ වූ නෝනා කීවේ බොන්න දෙන්නේ නැති බවය. ඒ සඳහා අවැසි ප්‍රතිපාදන තමා ළඟ නැතැයි කී ඇය, ගස්සා ගෙන ගෙට ගියාය. ඔහුට ඒ අවස්ථාවේ පෙනුනේ තරුය. ඔහු ඒ සඳහා වැඩක් කල්පනා කළේය.
උපන්දින සාජ්ජය ආරම්භ කෙරිණ. නෝනාගේ උපන්දිනයට නෑනාත් ආවාය. අඩි පුඩිත් තිබුණාය. නෑනා සෑම තැනම ගොස් සොයා බැලු‍වේ එහි පවතින අඩුපාඩුය. ඒ ඒවා සපුරාලීමට නම් නොව ඒ අඩුපාඩුවලින් තම නෑනාට ගසා දමා ඇයගේ අඬුබඬු බැඳ දැමීමටය. නෝනා මුදල් නොදුන්නත් අඩි පුඩි ද අඩුවක් නොවීය.


බෝතලය පැත්තකට තියන්න තව ඇත්තේ බඩු පොඩ්ඩය. පතුලේ ටිකය. නෝනා එතනට ආවේ අඩිපුඩි ගැසූ අයට කෑමට ආරාධනා කිරීමටය. නෑනා ද එතනට හොස්ස දැම්මේ දැන් වෙලාව හරි යයි කියන්නාක් මෙන්ය. ‘‘අයියේ මොකද මන් දීපු සල්ලිවලින් ගත් බඩු ඉවරද? තවත් එකක් ගන්න සල්ලි දෙන්න’’ දැයි නෑනා ඔහුගෙන් ඇසුවාය. නෝනාගේ මුහුණ ජම්බු ගෙඩියක් වූවේ නෑනා ඉදිරියේය. නෝනට තරහය. නෑනාට සතුටුය. කිසිවක් මුවින් නොකී නෝනා, දැන් ඇති දැන් ඇති කියමින් නෑනාත් ඔවුනුත් ඇදන් ගියේ කෑමටය.
 උපන්දින සාදය අහවරය. නෝනාගේ තරහ එතනමය. මොකක්ද අර කරපු දහදුරා වැඩේ. අපි සවුත්තුවුණානේ. මොකටද අර බඩ්ඩගෙන් අඩිපුඩි ගහන්න සල්ලි ගත්තේ ඇය මොර දුන්නාය. ඔහුත් ඊට එක එක කීවේය. වැඩේ නැගලා ගියේය. පශ්චාත් උපන්දින සාදය පටන් ගත්තේය. දෙන්නා අතර වචන හුවමාරුව තදේටය. පැනපු ගමන් නෝනා අඩිපුඩි ගසා වැනි වැනී සිටි ඔහුට දුන්නේ පොල් අඩිය. නෝනාගේ පොල් අඩි වලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඔහුට නොහැකිවූයේ ඔහු ගසා තිබූ අඩිපුඩිවල බල මහිමය නිසාමලු‍.

 



අදහස් (0)

අඩිපුඩි ගසා “පොල්අඩි“ කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 895 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site