IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අට වසරේ සිසුවිය පාසලට බීර ගෙනත්

විශේෂ වාර්තාකරුවකු විසිනි
අට වසරේ සිසුවිය පාසල් සිසුන් අටදෙනකුට පමණ නිවෙසින් පාසලට රැගෙන ආ බීර පෙවූ අපූරු පුවතක් ගාලු‍ දිසාවේ රූකඩවලට නමක් ගත් නගරයක ප්‍රධාන පාසලකින් අසන්නට ලැබේ.


ලංකාවේම නමක් ගත් පාසලකි. නමට සලකන පාසලකි. එමෙන්ම මෙරටට උගතුන්, බුද්ධිමතුන් බිහි කිරීමේ තෝතැන්නක් වූ පාසලකි.
සිය විදුහලේ අට වසරේ සිසුවියක පාසලට බීර රැගෙන ආ බවට තොරතුරු පාසල් බලධාරීන්ට එන්නේ පාසල් ළමයින්ගෙනි.. සිසුවිය රැගෙන ආ බීර එම වසරේම සිසුන් පානය කළ බවටද තොරතුරු එයි.


පාසල් බලධාරීන් අනාවරණය කරගත් තොරතුරු අනුව මෙය ඇත්තක්දැයි සොයා බලන්නේ සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් දෙවියන්වත් නොඅදහන බැවිනි. වැඩේ ඇත්තකි. පාසල් බලධාරීන්ට දවල් තරු පෙණින.


අට වසරේ සිසුවිය පාසලට බියර් ගෙනා ආවේ කෙසේද ඒවා සිසුන් පාසල් වේලාව තුළදීම පානය කළේ කෙසේදැයි යන්න පිළිබඳව සලකා බැලීමේදී පාසල් බලධාරීන් සිටියේ කොහේදැයි යන්න තමන්ට බලවත් ප්‍රශ්නයක් බව මාපියෝ කියති.



අදහස් (2)

අට වසරේ සිසුවිය පාසලට බීර ගෙනත්

Janindu Tuesday, 06 September 2022 10:44 AM

ගුරුවරුන්ට ඉතින් ළමයි පස්සෙම වැටිලා බලන් ඉන්න බෑනේ.. දෙමාපියන්ගේත් වගකීමක් තියෙනවා මේ වගේ දේවල්වලට...!

:       1       30

APerera Tuesday, 06 September 2022 05:58 PM

ඕක මොකක්ද...? පාර්ලිමේන්තුව ඇතුළට මිරිස් කුඩුත් ගෙනිච්චේ...?

:       2       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 81 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site