IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අට ලොප් වී බිරිදගේ කට තලලා

කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය 
මාළු මිලදී ගැනීමට ගොස් ඉලක්කමක පල හිලව්වක් නිසා සැමියා විසින් බිරිඳගේ කටට පහර දීමේ සිද්ධියක් කැබිතිගොල්ලෑවට නුදුරු ගමකින් අසන්නට ලැබුණි. 
 සිද්ධිය සැකෙවින් මෙසේය. 
මෙම අඹුසැමි යුවළ වයස අවුරුදු 60 සහ 52 වයස් කාණ්ඩවල පසු වූ දෙදෙනෙකි. දෙදෙනාම කුකුල් කේන්ති කාරයෝය. සැමියාට සේම බිරිඳටද හොස්ස අගින් මැස්සා යන්නට බැරිය. මුලින්ම සැර වචන වට්ටෝරුවකින් සටන ආරම්භ කරගෙන පසුව ගුටි බැට හුවමාරු කර ගැනීමකින් සටන අවසන් කර ගැනීම මෙම දෙදෙනාගේ සාමාන්‍ය පුරුද්දකි.
සැමියා තම නිවසේ සිට කිලෝමීටරයක් පමණ දුරින් ප්‍රධාන පාරක් අබියස සුළු වෙළඳ ව්‍යාපාරයක් කරගෙන සිටින්නෙකි. ඔහු උදේ වෙළඳසලට පැමිණ නැවත නිවසට යන්නේ හවස් වරුවේය. 
එදින මාළු මිලදී ගැනීමට අවශ්‍ය බව බිරිඳ පැවසූ අතර මාළු ලොරියක් පැමිණියහොත් නිවසට එවන ලෙස සැමියාට දැනුම් දුන්නාය. 


ඒ අනුව මුහුදු මාළු අලෙවි කරන ලොරි රථයක් ඔහුගේ වෙළඳසල අසල නතර කරගත් ඔහු, හුරුල්ලෝ කිලෝ එකක මිල විමසා රුපියල් අටසීයක් බව දැනගෙන ඒ බව බිරිඳට දුරකථනයෙන් දැනුම් දුන්නේය. 
“ඔන්න මං දැන් මාළු ලොරියක් ගෙදරට එවනවා. හුරුල්ලෝ කිලෝ එකක් රුපියල් 800යි. ඇති ප්‍රමාණයක් අරගන්න. මම ලොරිය ආපහු එනකොට මගේ කඩෙන් ඒ අයට හවස සල්ලි දෙන්නම්”‍යැයි බිරිඳට දුරකතනයෙන් දැනුම් දුන්නේ මාළු වෙළෙන්දන් බොහෝ දෙනෙකු ඔහු හොඳින් දන්නා හඳුනන අය නිසාවෙනි. 
හවස් වෙද්දි මාළු ලොරිය පැමිණ ඔහුගේ කඩය ළඟ නැවැත්විය. මාළු මුදලාලි ඔහුගෙන් රුපියල් 2400ක් ඉල්ලු‍වේය. මුදලාලිට තරු පෙනුණි.”‍ මේ එළදෙන කිලෝ තුනක් මොකට අර ගත්තද මන්දා”‍යැයි කේන්තියෙන් පුපුරු ගසමින් සිතා මුවින් නොබැන මාළු මුදලාලිට මුදල් ගෙවා පිටත් කළේය. 
වෙළඳසල වසා සැමියා නිවසට ගොස් මාළු කිලෝ තුනක් ගත්තේ අහවල් එකට දැයි දැඩි ස්වරයෙන් බිරිඳගෙන් විමසීය. 
එයට පිළිතුරු දුන් බිරිඳ, “ඇයි වදේ, කිලෝ එකක් සීයයි කිව්වහම කිලෝ තුනක් නෙවෙයි හරි නම් කිලෝ පහක් විතරයි ගන්න තිබුණේ”‍ යැයි ඇඟට පතට නොදැනී පිළිතුරු දුන්නාය.
“කවුද යකෝ කිලෝ එකක් සීයයි කිව්වේ මම කිව්වේ කිලෝ එකක් අටසීයයි කියලනේ”‍ සැමියා කියනවාත් සමගම බිරිඳ පැවසුවේ”‍ ඔහේ කිව්වේ මට සීයයි කියලනේ”‍ කියමින් පිළිතුරු දුන්නාය. 
ගෝරිය හෝ ගාලා නැගලා ගියේ ය. සැමියා අට සීයයි කියපු ගාන බිරිඳට ඇසී ඇත්තේ “අට”‍ලොප් වෙලාය. කෙසේ හෝ දෙන්නා අතර ගුටිබැට හුවමාරුව ජයටම කෙරී ගිය අතර එය අවසන් වූයේ බිරිඳගේ තොල් දෙක බලා සිටිද්දීම හුළං ගැසූ ටියුබ් එකක් තරමට ඉදිමි ආ පසුවය.
මේ සිද්ධිය අසල්වැසි නිවෙස්වලට සුටුස් ගා පැතිර ගියේය. දැන් ඔවුන්ගේ ගම හරහා “මාළු මාළු මාළු”‍ කියමින් යන ලොරි දකින විට බිරිඳ දොර වසා ගන්නවාලු‍.

 



අදහස් (1)

අට ලොප් වී බිරිදගේ කට තලලා

රිතික් Friday, 18 October 2024 12:53 PM

දැන් අසල්වැසි තරුණයින් අක්කේ හුරුල්ලෝ කීයදැයි ඇයගෙන් විමසනවිට ඇය හොඳ ලුණු ඇඹුල් ඇතිව ඔවුන් අමතනවලු.

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site