IMG-LOGO

අඟ පසඟ රටටම පෙනෙතැයි රූප පෙට්ටිය වහලා

(කඹුරුපිටිය විශේෂ කේ. අජිත්)
 රූපවාහිනියේ සිටින අයට එය නරඹන අය පෙනෙනවා යැයි සිතා ලජ්ජාවට පත් වී එය නිවා දමා නින්දට ගිය පුද්ගලයකු පිළිබඳ පුවතක් පසුගියදා මොරවක්කෝරළයේ බටහිර ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවිය. එම සිද්ධිය මෙසේය.


ග්‍රාමීය පෙදෙසක ගොවිතැන් කටයුතු කරමින් ජීවත්වූ ඔහුට කිසිදු සමාජ ඇසුරක් නොවීය. මවුපියන්ගේ අකල් වියෝව නිසා තනිවම ජීවත්වූ ඔහු ඉතා ලජ්ජාශීලි පුද්ගලයෙකි. විදුලිබලය නොතිබූ තම නිවසට මෑත දී විදුලිබලය ලැබීමත් සමග ඔහු රූප පෙට්ටියක් රැගෙන ආවේ හුදකලා බව මග හරවා ගැනීමටය. ගොවිතැන් කටයුතු නිමකර නිවසට පැමිණෙන ඔහු එහි පෙන්වන සියලු දේ නරඹන්නේය. එහි පෙන්වන රූප, සිංදු, කතා ඔහුට අලුත් අත්දැකීමකි. ඔහු සමහරවිට ඒවා නැරඹුවේ තනියම සිනා සි සී හා අත්පොඩි ගසමිනි.


දිනක් ඔහුගේ මිතුරෙකු ඔහුට පවසා සිටියේ අද රෑට හොඳ සංගීතයක් තියෙනවා. තනිකම යන්නත් එක්ක එය නරඹන ලෙසයි. එදින ඔහු කල් ඇතිවම ගොවිතැන් කටයුතු නිමකර, හරකුන්ද ගාල් කර  ලක ලෑස්ති වී රූපපෙට්ටිය ඉදිරිපිට තිබූ පුටුවක ඉඳ ගත්තේ සංගීතය බැලීමටය. නියමිත වේලාවට එය ආරම්භ කරමින් නිවේදක මහතා ‘‘ඔව් මට දැන් පෙනෙන්නේ ඔබ මේ සංගීත  සංදර්ශනය නැරඹීමට වේලාසන සිටම සුදානම් වී ඔබගේ ආලින්දයේ ඇති රූපවාහිනිය ඉදිරිපිට සිනාමුසු මුහුණින් යුතුව වාඩිවී සිටින ආකාරයයි.’’


මේ වදන් පවසන්නේ තමාටම යැයි ඔහු පුදුමයටත්, ලැජ්ජාවටත් පත්වී රූප පෙට්ටිය නිවා දමා නිදාගන්නට ගියේ මා ඉන්න ආකාරය මේ නිවේදකයා දුටුවේ කොහොමදැයි කුතුහලයෙනි.


 පසුදින ගමේ තරුණයකුගෙන් ඔහු විමසා සිටියේ රූප පෙට්ටියේ සිටින අයට අපි පේනවාද කියලයි. තරුණයාගේ පිළිතුර නැත. කීමත් සමග ඔහු තර්ක කළේ එහෙනම් මා ඉන්න ආකාරය නිවේදකයා දැක්කේ කොහොමදැයි කියාය.  

 



අදහස් (0)

අඟ පසඟ රටටම පෙනෙතැයි රූප පෙට්ටිය වහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 539 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 708 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 291 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site