IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අක්කා කන්තෝරුවට ආවාම නංගිට ‘ඩෝං’ ගිහින්

(හක්මන විශේෂ - දෙනගම  යසන්ත ආරියසේන)
නිල කාමරයේ විශේෂ අමුත්තන් සඳහා පනවා ඇති අසුනක කාර්යාලයට පැමිණි තම වැඩිමහල් සොයුරිය අසුන් ගැනීමට උරණව දෝෂාරෝපණය කළ තනතුරෙහි තේජසින් හිස උදුම්මාගත් පරිපාලන නිලධාරිනියක පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය නගරයකින් වාර්තා වේ.


සොයුරු සොයුරියන් පස් හය දෙනකුගෙන් සමන්විත පවුලේ බඩපිස්සිය වූ මෙම කාන්තාව කළු පැහැයකින් යුත් කෙසඟ සිරුරක් ඇති තැනැත්තියක් වූවාය.


අරුමෝසම්වලට දැඩි රුචිකත්වයක් දක්වන ඇය කාර්යාලයට පැමිණෙන්නේ විවාහ මංගල උත්සවයකට යන ආකාරයට විවිධ ඇඳුම් විලාසිතාවලින් සැරසී බව ප්‍රසිද්ධ රහසකි. 


කාර්යාලයේ වාහනයෙන් ගමන් බිමන් යාමට දැඩි රුචිකත්වයක් දක්වන ඇය සිය සැමියා සහ දරුවන් පිළිබඳව පම්පෝරි ගැසීමට වැඩි කැමැත්තක් දැක්වූවාය.


විශ්‍රාම යාමට ආසන්න වයසක පසුවන මැය නව යෞවන වියේ තරුණියක ලෙස සමාජයට පෙන්වීමට  ප්‍රයත්න දරන තැනැත්තියක වන අතර ප්‍රභූ පැළැන්තියක කෙනකු බව පෙන්වීමට ඇය නිතරම උත්සාහ ගත්තාය.
නිලධාරිනියගේ වැඩිමහල් සොයුරිය  අවශ්‍යතාවක් සපුරා ගැනීමට  කාර්යාලයට පැමිණියාය. පැමිණ ඇත්තේ තම ප්‍රධානියාගේ සොයුරිය බව හඳුනාගත් කාර්යාල සේවකයෝ ඇය ප්‍රධානියාගේ නිල කාමරයේ ඇති විශේෂ අමුත්තන් සඳහාවූ අසුනක අසුන් ගන්වා ඇයගේ කාර්ය ඉටුකරමින් සිටියහ.


කාර්යාලයෙන් බැහැරට ගොස් සිටි නිලධාරිනිය පැමිණ නිල කාමරයට ඇතුළුවන විට චීත්ත ගවුමකින් සැරසී තම කාමරයේ අසුන් ගෙන සිටි වැඩිමහල් සොයුරිය දැක කෝපාවිෂ්ඨ වූවාය. ‘ඇයි ඔයා ඔතන වාඩි වුණේ. ඔය ආසන තියෙන්නේ විශේෂ අමුත්තන් සඳහා අසුන් ගැනීමට පමණක්’ යැයි පවසමින් ඇය ගෝරනාඩු කළාය.


හිඳගෙන සිටි තැනින් ක්ෂණිකව නැගිටගත් අක්කා ‘මට සමාවෙන්න නංගි, මම ඒ බව දන්නේ නැහැ’. යනුවෙන් අසරණ ලෙස පැවසුවාය. 


‘ඔයා මට මෙතනදි නංගි කියල කියන්න එපා. මේක මගේ කාර්යාලය’ කියා පැවසීම නිසා අක්කාට මෙන්ම කාර්යාලයේ සෙසු අයටද උන්හිටි තැන් අමතක විය. කාර්යාලයෙන් පිටතට පැමිණි ඇය කරගන්නට ගිය කාර්යයද පසෙක ලා නිවෙසට ගියාය.


නිලධාරින් කැඳවා ඔවුනට ද දොස් පැවරීමට නිලධාරිනිය කටයුතු කළ අතර ඇයගේ තරම දන්නා කාර්යාල සේවකයෝ නිහඬව සිටියහ. සිද්ධිය පිළිබඳව විවිධ අයගෙන් දුරකතන ඇමතුම් ලැබීම නිසා දින හතේ නිවාඩුව ලබාගත් නිලධාරිනිය දරුමල්ලන් සමග සැමියාගේ මහගෙදර ගියද සිද්ධිය කාර්යාලය පුරා සහ අවට කාර්යාලවලට කතාව පැතිර යාමට වැඩි කාලයක් ගත නොවීය.



අදහස් (2)

අක්කා කන්තෝරුවට ආවාම නංගිට ‘ඩෝං’ ගිහින්

sam Saturday, 02 April 2022 12:39 PM

මේ වගේම තමයි මේ ආණ්ඩුවේ ඉන්න ජනපති, අගමැති, මැති, ඇමැතිවරු කියන අය. මිනිස්සුන්ගේ ඡන්දෙ හිඟාකාලා ඉල්ලගෙන බලයට ඇවිල්ලා, ඊට පස්සේ ඔවුන් මහ ලොක්කෝ කියලා හිතාගෙන ඔවුන්ගේ නූගත්කම විදහාපාන්න ගිහිල්ලා තමයි මේ ආණ්ඩුවත් මේ උද්දච්ච කාන්තාව වගේම අනාගෙන තියෙන්නේ...!

:       0       8

Perera Sunday, 03 April 2022 07:13 PM

ලංකාවේ බොහෝ අයට තියෙන්නේ පුහු මානය විතරයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 59 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2012 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site