IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සෞදි නව කම්කරු ඇමැතිට ලංකා සෞදි තානාපතිගෙන් ඇරැයුමක්

 

 

 

( තිළිණි ද සිල්වා )

 

සෞදියේ නව කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍ය  අහමද් බින් අබ්දුල් අසීස් අල් රායිහි මහතාට ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණෙන්නැයි සෞදියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා ආරාධනා කළේය.

දෙරට අතර ද්විපාර්ශවීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා තෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ශ්‍රී ලංකා තානාපතිවරයා එහිදී සෞදි නව අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

අහමද් බින් අබ්දුල් අසීස් අල් රාජ් මහතා නව අමාත්‍ය තනතුරට පත්වීමෙන් පසුව ඔහුව බැහැදැකීමට ශ්‍රී ලංකා තානාපතිවරයා ඉකුත්දා ගිය අතර එහිදී මෙම ආරාධනය කර ඇත.

ඉතා සුහද ලෙසින් පැවති මෙම හමුවේදී ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් පිළිබඳව ආදී දෙරටට  වැදගත් මාතෘකා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා විය.

විශේෂයෙන් ශ්‍රමිකයින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය, සංක්‍රමණික සේවකයන් සඳහා සුභසාධක පහසුකම්, කම්කරු උසාවිවලට අදාළ කරුණු සහ ඉදිරියේ පැවැත්වෙන දෙරට අතර තුන්වැනි ඒකාබද්ධ තාක්ෂණික කමිටු රැස්වීමේදී ඔවුන් දෙදෙනා අතර අත්සන් තැබූ ගෘහ සේවක බඳවා ගැනීමේ ගිවිසුමේ 6 වැනි වගන්තියට අනුව ඒවා ඇතුළත් විය.

ඉකුත් ජූනි මාසයේදී කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍යවරයා ලෙස අබ්දුල්අසීස් අල් රාජිහි මහතා පත් කළ අතර ශ්‍රී ලංකා තානාපති තසීම් මහතා සෞදි අමාත්‍යවරයා හමුවූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

මෙම අවස්ථාවට අන්තර්ජාතික කටයුතු පිළිබඳ උප ලේකම් ආචාර්ය අබ්දුල් අසීස් සුලෙයිමාන් අල් අමර් මහතා සහ කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂන යසිරි හමූද් අල් ඔටාබි මහතා ද එක්ව සිටියේය.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සෞදි රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ අමාත්‍ය උපදේශක මධුක වික්‍රමාරච්චි , කම්කරු අංශයේ  ප්‍රධානී කේ.කේ. දුමින්ද සහ ප්‍රදූත සේවා නිලධාරී ඒ.එම්.ජබීර් යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

 

 



අදහස් (0)

සෞදි නව කම්කරු ඇමැතිට ලංකා සෞදි තානාපතිගෙන් ඇරැයුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 160 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site