(නිමල කොඩිතුවක්කු)
රැකියා උත්පාදනය කරමින් ආර්ථික ගැටළු අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය වසරකට කෝටි 5000ක් වෙන් කර ඇති බව ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.
2019 වසරේ සිට 2021 වසර දක්වා එළඹෙන වසර තුනක කාල සිමාව ඉලක්ක ගනිමින් එක වසරකට කෝටි 5000ක් වෙන්වන පරිදි වසර තුන සඳහා කෝටි 15000ක ආයෝජනය යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාතික ආර්ථික සභාව මගින් යෝජිත මෙම විශේෂ ව්‍යාපෘතිය සියලූ දිස්ත‍්‍රික් සහ මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි ක‍්‍රියාත්මක කෙරේ.
ඒ අනුව දිවයිනේ සියලූ ග‍්‍රාම නිලධාරී වසම් නියෝජනය වන පරිදි අවම වශයෙන් ව්‍යාපාර එක්ලක්ෂ හතලිස් දහසක් ආරම්භ කිරීමට නියමිත බවද ඔහු කියා සිටියේය.
සේවා උත්පාදනය, නව ආයෝජන, භාණ්ඩ නිෂ්පාදනය ඉහළ තලයකට ගෙන ඒම තුලින් දේශීය සහ ජාත්‍යන්තර ආර්ථික පුනර්ජීවනයක් ඇතිකිරීමට ද හැකි වනු ඇති බවද අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘රැකියා උත්පාදනයෙන් ආර්ථික ගැටළු අවම කරන්න විශේෂ ව්‍යාපෘතියක්‘