IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


‘පුනර්ජනනීය බලශක්තිය සියයට 500කින් වැඩිකරනවා’

(මනෝජ් හර්ෂික)
 
මේ වන විට මෙගාවොට් 450 – 500 ක පමණ ඇති පුනර්ජනනීය බලශක්ති දායකත්වය තවත් වසර 2කින් මෙගාවොට් 2000ක් දක්වා වැඩිකරන බවද, පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය 500% කින් වැඩි කිරීමට කටයුතු කරන බවද විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) පැවැසීය.
 
ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 1ක දායකත්වයක් සැපයෙන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රු. මිලියන 115 ක මූල්‍ය පිරිවැයක් දරා තිබේ.
 
ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කළ සූර්ය විදුලිබල නිෂ්පාදන ආයතනය (රෑන්ක් ඉන්ටනැෂනල්) ආයතනයේ  කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව කීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
 
“ලංකා විදුලිබල මණ්ඩලය රු 28.00 - 30.00 ඩීසල්වලින් එක් විදුලි ඒකකයක් නිපදවලා, ඒ විදුලි ඒකකය පාරිභෝගිකයාට රු.16.00 ක් වැනි මුදලකට ලබාදීමෙන් ඇති වන ගැටලුව විසදා ගැනීමේ නිවැරදි ක්‍රමවේදයකට අවතීර්ණ වෙන්න තමයි අපි මේ උත්සාහය දරන්නේ.
 
 විදුලිබල මණ්ඩලය ආරක්ෂා වන ආකාරයේ නිවැරදි මාර්ගයකට අවතීර්ණ වනවිට, ඒකටත් වැරදි අර්ථකතන සපයන පිරිසක් සිටිනවා.නමුත් අපි හැකි සෑම උත්සාහයක්ම දරලා මෙම කටයුත්ත ඉදිරියට කරගෙන යනවා. ” යැයි ඒ මහතා පැවසීය.



අදහස් (0)

‘පුනර්ජනනීය බලශක්තිය සියයට 500කින් වැඩිකරනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 383 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site