IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


නව ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරීන්ට විශේෂ පුහුණුවක්

 

(බිඟුන් මේනක ගමගේ) 
 
අලුතින් බඳවා ගත් ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරින්ට පස් දින විශේෂ පුහුණුවක් දෙන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. 


ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය( 1929)  හරහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වන ළමා අපයෝජන පැමිණිලි සම්බන්ධව පසුවිපරම් කිරීම,  ග්‍රාමීය මට්ටමින් ප්‍රජාව වෙත සමීප වෙමින් අපයෝජනයන්ගෙන් දරුවන් ආරක්ෂා කරගැනීමට අදාළ සියලු පාර්ශ්ව දැනුම්වත් කිරීම හා ළමුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කැපවීම යන මූලික කාරණා යටතේ මෙම පුහුණුව ලබා දෙන බව එම අධිකාරිය පවසයි.
 
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතාගේ මූලිකත්වයෙන් මෙම පුහුණුව ලබාදෙන අතර විෂය ප්‍රාමාණික සම්පත් දායකයන් විසින් සිදුකරනු ලබන දේශන හා සැසිවලින් එය සමන්විත වේ.
 
ළමා අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරු වූ ළමුන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්  සකස් කිරීමෙහිලා ආණ්ඩුවට උපදෙස් දීම ඇතුළු දරුවන් සම්බන්ධයෙන් මූලික රාජ්‍යමය මැදිහත්වීම් බලය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට හිමිය. 



අදහස් (0)

නව ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරීන්ට විශේෂ පුහුණුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 383 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site