IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


දුම්රිය අනතුරුවලින් අලි ඇතුන් බේරාගැනීමට ප්‍රවාහන අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්

බිඟුන් මේනක ගමගේ 
 

 
දුම්රියේ ගැටී අලි ඇතුන් මරණයට පත්වීම වැළැක්වීම සඳහා ගත යුතු නිර්දේශ පහක් ඇතුළත් විමර්ශන වාර්තාවක් සකස් කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු කර ඇත.
 

දුම්රිය රියැදුරන්ට මාර්ගය පැහැදිලිව පෙනීමට මාර්ගය දෙපස මීටර් 30 ක් දක්වා ලඳු කැලෑ එලිකිරීම, වේග සීමා නියමිත පරිදි ක්‍රියාත්මක කිරීම, මාර්ගය දෙපස කඳුගැට සහිත ස්ථානවලදී අලි ඇතුන්ට මාරුවීමට උඩින් මාර්ග (ඕවර් පාස්) සකස් කිරීම, දුම්රිය පාලම් සහ බෝක්කු සහිත ස්ථානවලින් අලි ඇතුන්ට මාරුවීම සඳහා දැනට තිබෙන බාධා ඉවත් කර මාර්ග(අන්ඩර් පාස්) ඉදිකිරීම හා දුම්රිය මාර්ගයට අලි ඇතුන් ඇතුල්වන ස්ථාන සඳහා විදුලි වැටි, රේල් පීලි යොදා බාධා යොදමින් පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා පද්ධති සකස් කිරීම එම නිර්දේශ වේ.
 
ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි පත්කළ කමිටුවක් මගින් මෙම වාර්තාව සකස් කර ඇති අතර අලි ඇතුන් දුම්රියේ ගැටුණු ස්ථාන නිරීක්ෂණය කරමින් මෙම වාර්තාව සකස් කර ඇත.
 
වනෙජීවී දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ අධ්‍යක්ෂ ආර්.සුමනසේන, දුම්රියේ අලි ඇතුන් ගැටීම වැළැක්වීමේ ව්‍යාපෘතියේ ඉංජිනේරු ඉරෝෂ් පෙරේරා, දුම්රිය දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් පරීක්ෂක චමින්ද පෙරේරා යන මහත්වරුන් ඇතුළු දාහතර දෙනෙකුගේ කණ්ඩායමක් විසින් දින හතරක් තිස්සේ මෙම නිරීක්ෂණ සිදුකර තිබේ.
 
ඒ අනුව මහව හන්දියේ සිට ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය, තලෙයිමන්නාරම යන උතුරු නැගෙනහිර දුම්රිය මාර්ගවල සංචාරය කරමින් අලි ඇතුන්ගේ හැසිරීම පිළිබඳ දත්ත හා තොරතුරු එක්රැස් කර ඇත.
 
මීට අමතරව මෙම නිර්දේශ මත පදනම්ව විද්වත් කමිටුවක් විසින් ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමට නියමිත අතර එම වාර්තාව හා එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ඇස්තමේන්තුව ලබන 25 වැනිදා ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට බාරදීමට නියමිත බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
 
ඒ අනුව ප්‍රවාහන ඇමැතිවරයා අදාළ වාර්තාවට කැබිනට් අනුමැතිය ලබාගෙන මෙම මාසය අවසාන වීමට පෙර එය ක්‍රියාවට නැගීමට කටයුතු කරන බව ද එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (0)

දුම්රිය අනතුරුවලින් අලි ඇතුන් බේරාගැනීමට ප්‍රවාහන අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 383 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site