IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මුතුවන් දත් දෙ‌පෙල දිරායාමෙන් රැක ගනිමු

මිනිසාගේ මුඛයෙහි ප්‍රධාන වශයෙන් දත් කාණ්ඩ දෙවර්ගයකි. ඒ කිරි දත් සහ ස්ථිර දත් වේ. කිරි දත් 20ක් ඇති අතර දරුවකු බිළිඳු අවදියේදී එනම් මාස 06 සිට මතුවන අතර අවුරුදු 12දි පමණ සියලුම කිරි දත් හැළී යාම අවසන් වේ. ස්ථිර දත් 32ක් ඇති අතර පුද්ගලයකුට වයස අවුරුදු 06 සිට ඒවා මතු වීමට පටන් ගැනෙන අතර අවුරුදු 12ක් 13ක් වන විට දත් 28ක් පමණ මතුවේ. අවසන් දත් 4 වන සාමාන්‍ය ව්‍යවහාරය අනුව ඥාන දත් අවුරුදු 17ත් 25ත් අතර කාලයේදී මතුවේ. ඇතැම්විට ඒවා හකු ඇටයතුළ සිරවී සැත්කමක් මගින් ඉවත් කිරීමට සිදුවේ.

දතක් මුඛයෙන් උඩට මතුව ඇති කොටස Tooth crown සහ අස්ථිය තුළ දත් මුල් Tooth roots පිහිටා ඇත. එසේම එනැමලය, දන්තිනය, කල්ක කුහරය යනුවෙන් ස්ථර තුනකි. මිනිස් සිරුරේ ශක්තිමත්ම පටකය දන්ත එනමලය වන අතර එය අස්ථිවලටද වඩා ශක්තිමත් බවින් යුතු වේ.

දත් දිරායාම යනු

එනැමලයෙහි බහුලව කැල්සියම් හයිඩ්‍රොක්සි ඇපටයිට් සංයෝගය අඩංගු වේ. මෙම සංඝටකය අම්ල මගින් දියවේ. අප ගන්නා පිෂ්ඨමය සහ සීනි අඩංගු ආහාර මත බැක්ටීරියා ක්‍රියා කිරීමේ හේතුවෙන් මුඛයෙහි අම්ල නිපදවේ. මෙය සෑම දෙනකුගේම මුඛයෙහි සිදු වන පොදු ක්‍රියාවලියකි. කෙළ මගින් මෙම ආම්ලිකතාව ඉවත් කර විනාඩි 20ක් පමණ කාලයකදීයථා තත්ත්වයට පත් කර ගත හැකිය. මෙම කාලයේදී එනැමලයට සිදුවන හානියද යථා තත්ත්වයට පත් වේ.

ඛේටයේ ඇති මෙම ආම්ලිකතාව මුඛයෙන් ඉවත් කර එනැමලය යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව අඩු වූ විට හෝ එකී හැකියාව ඉක්මවා යන පරිදි ආහාර පුරුදු පවත්වා ගත් විට එනැමලය දියවී යාම අඛණ්ඩව සිදුවී දත් කුහර සෑදීම ඇරැඹේ.

දත් දිරා යාමට හේතු

මේ සඳහා විවිධ කාරණා බලපෑමට පුළුවන. මූලික වශයෙන් වැරැදි ආහාර පුරුදු ඉවහල් විය හැකියි. පිටි සහ සීනි සහිත ආහාර වර්ග සුළු ප්‍රමාණවලින් හෝ නිතරම ආහාරයට ගැනීම සුදුසු නොවේ. එනම් පැණි රස සහිත හෝ රහිත සියලුම බිස්කට් වර්ග, චොකලට් , ටොෆී, බනිස් වැනි ඇළෙන සුළු ආහාර වර්ග, පැණි බීම වර්ග, සීනි යෙදූ තේ හෝ පලතුරු යුෂ වර්ග උදාහරණ ලෙස දැක්විය හැකියි.

තවද කෙළ ගැලීම අඩුවන රෝගී තත්ත්ව නිසාද දත් දිරා යයි. උදාහරණ ලෙස දියවැඩියාව, S jogran‘s syndrome, Sicca syndrome, ඛේට ග්‍රන්ථිවල පිළිකා තත්ත්ව මෙන්ම ඛේට ග්‍රන්ථි සැත්කම් මගින් ඉවත් කිරීමට සිදුවන අවස්ථා වේ.

එසේම මුඛය ආශ්‍රිත පිළිකාවලදී විකිරණ ප්‍රතිකාරවලට ලක්වූ රෝගීන්, මුඛයේ සැත්කම් නිසා හෝ දිගු කාලීන රෝගී තත්ත්ව නිසා හෝ මුඛය පිරිසුදු කරගත නොහැකි රෝගීන්, නිසි පරිදි දෛනිකව දත් පිරිසුදු කර නොගැනීම නිසා සහ මුඛයේ පළඳින විවිධ උපාංග භාවිතයේදී එනම් කෘතිම දත් ඇඳි ,විකලාංග දන්ත උපකරණ නිසා නිසි පරිදි දත් පිරිසුදු කර ගැනීමට නොහැකි වීම .

දත් දිරායාම වලක්වා ගැනීමට කළ යුතු දේ

පැණි රස, අතුරු පස වැනි ආහාර ප්‍රධාන ආහාර වේලට පසු පමණක් ලබා ගැනීම.

අපට මේ වෙනුවට වෙනත් ආහාර වර්ග ආදේශ කළ හැකියි. එනම් පලතුරු, බඩ ඉරිඟු, ධාන්‍ය වර්ග වැනි දෑ ආදේශක බවට පත් කර ගත හැකිය.

දවසේ ප්‍රධාන ආහාර වේල් අතර අතරමැදි කෙටි ආහාර වේල් ගැනීම හැකි තරම් අඩු කිරීම.

අතර මැදි කෙටි ආහාර වේල් ලෙස නිතරම බිස්කට්, බනිස් වැනි පැණි රස ඇළෙන සුළු ආහාර ගැනීමේ පුරුද්ද කුඩා ළමයි අතර දක්නට ලැබේ. මේ වැරැදි පුරුද්ද වහාම වෙනස් කර ගත යුතු වේ. මෙහිදී නිතරම මෙවැනි ආහාර ගැනීමේදී කෙළ මගින් මුඛයේ ආම්ලිකතාව යථා තත්ත්වයට පත් කර එනැමලය යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව ඉක්මවා යාම මීට හේතුවයි.

මේ අතර වඩාත් හොඳ මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා දත් මැදීම, දත් අතර පිරිසුදු කිරීම මගින් මුඛයේ මැලියම් නිරතුරු ඉවත් කර ගත යුතුවේ. එසේම ඇළෙන සුළු ආහාර වර්ග පරිභෝජනයෙන් පසු දත් මනාව පිරිසුදු කර ගැනීමත් පැණි රස බීම වර්ග පානයෙන් ඉනික්බිති අඩුම තරමින් මුඛය හොඳින් සෝදා හැරීම කළ හැකියි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

මුතුවන් දත් දෙ‌පෙල දිරායාමෙන් රැක ගනිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site