IMG-LOGO

කොරෝනාවෙන් බේරෙන්න වඩා හොඳ මාස්ක් එකද? ෆේස් ෂීල්ඩ් ද?

මාස්ක් එකක් වෙනුවට ෆේස් ෂීල්ඩ් එකක් පමණක් පැළඳීම කොරෝනා වසංගතයට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මුලින්ම කිව යුතුයි.

කොවිඩ් ආසාධිත පුද්ගලයකුගෙන් නිරෝගී පුද්ගලයකු වෙත අවකාසය හරහා වයිරසය ගමන් කිරීම හැකිතාක් අවම කිරීම මුහුණු ආවරණය දැමීම මගින් අපි මූලිකවම අපේක්ෂා කරයි. මුව ආවරණයක් මගින් පෙරහන් කිරීම කෙතරම් දුරට සාර්ථකද සහ එය මුහුණට කොපමණ හොඳින් සවි වී තිබේදැයි යන කාරණය මත මෙය රඳා පවතී.

එනමුත් ෆේස් ෂීල්ඩ් එකක් මගින් සිදුවනුයේ තමා සමීපයේ සිටින පුද්ගලයකුගේ මුවින් පිටවන විසබීජ සහිත කෙළ බිඳිති තම මුව මතට පතිත වීම වැලැක්වීමයි.

තමාට පුද්ගල දුරස්තභාවය රැකගත නොහැකි අවස්ථාවකදී අන් පුද්ගලයකුගේ කෙළ බිඳිති තම මුව මත පතිත වීම වලක්වා ගැනීම සඳහා මාස්ක් එකට අමතරව ෆේස් ෂීල්ඩ් එකක් ද පැළැඳිය හැකියි. මීට අමතරව කෙළ බිඳිති පතිත වී මුව ආවරණය අපිරිසුදු වීම වැලැක්වීම සඳහා ෆේස් ෂීල්ඩ් එකක් පැළැඳීම අනුමත කළ හැකියි. විශේෂයෙන්ම කැස්ස වැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් සමග නිතර ගැවසෙන රෝහල් කාර්ය මණ්ඩලවලට තම මුව ආවරණය අපිරිසුදු වීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ෆේස් ෂීල්ඩ් එක පැළැඳිය හැකිය.

එහෙත් කිසිම විටෙක මුව ආවරණය වෙනුවට භාවිත කළ හැකි ආදේශකයක් ලෙස මෙය නොපැළඳිය යුතුයි. මුව ආවරණයකින් තොරව ෆේස් ෂීල්ඩ් එකක් පමණක් දැමීමෙන් අපේක්ෂිත ආරක්ෂාව කිසි ලෙසකින්වත් ඉටු නොවේ.

මෙහිදී අවධාරණය කළ යුතු විශේෂිත කරුණක් තිබේ.එනම් මුව ආවරණයක් පැළැඳීම යනු වසංගත තත්ත්වයෙන් ආරක්ෂා විය හැකි එක් උපක්‍රමයක් මිස පූර්ණ ආරක්ෂාවක් නොවන බවයි.එසේම පවතින වසංගත තත්ත්වය අවම කර ගැනීමට නම් මෙවන් ආරක්ෂණ උපක්‍රම සේම සෙනඟ ගැවසෙන තැන් මඟ හැරීම, පුද්ගල දුරස්තභාවය රැක ගැනීම, දෑත් නිතරම පිරිසුදුව තබා ගැනීම යන සෞඛ්‍ය මාර්ගෝපදේශනද එක සේ ඉවහල් වේ.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලබා දුන් තොරතුරු ඇසුරින් සැකසිණි)

-සටහන- මාධවී ධර්මරත්න

 



අදහස් (1)

කොරෝනාවෙන් බේරෙන්න වඩා හොඳ මාස්ක් එකද? ෆේස් ෂීල්ඩ් ද?

gamunu Tuesday, 29 June 2021 05:55 AM

කොරෝනාවෙන් බේරෙන්න වඩා හොඳ මාස්ක් එකද? ෆේස් ෂීල්ඩ්ද? පිළිතුර මාස්ක් දෙකම පැළඳීම වඩාත් සුදුසු වේ. නමුත් වඩාත්ම හොඳ එන්නත ලබාගැනීම වේ. එන්නත් ලැබෙනතුරු මාස්ක් එක අනිවාර්ය වේ. එසේ නොවුණ හොත් කොරෝනා වැළඳීමෙන් පසු දින 14ක් කොන්වී සිටීමට සිදුවනු ඇත..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site