IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


වායු දූෂණයේ අනාගත අවදානම

ඉහළ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය වැඩි වීම නිසා බොහෝ දෙනා විවිධ රෝගී තත්ත්ව ආදියට ගොදුරු වූහ. වායු දූෂණයත් රෝගී වීමත් අද ඊයේ සිදු වූවක් නොව කලක් පුරාම සිදුවන්නකි.

සංවේදී කණ්ඩායම්

ඒ අනුව කුඩා දරුවන්, ගැබිණි මවවරුන්, වයස්ගත පුද්ගලයන් සහ ඇදුම වැනි නිධන්ගත ශ්වසනාබාධවලින් පෙළෙන පුද්ගලයන්ට මුහුණු ආවරණ භාවිත කිරීමටත් හැකිතාත් නිවසින් පිටතට ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙසත් උපදෙස් කල් තියාම සෞඛය අංශ විසින් නිකුත් කෙරිණි.

අංශුමය ද්‍රව්‍යවල බලපෑම

වායු දූෂණ තත්ත්වයට වගකිව යුතු බවට හඳුනාගෙන ඇත්තේ අංශුමය ද්‍රව්‍ය (Particulate Matter) බව විශ්ලේශකයින්ගේ අදහසයි. මේවා වාතයේ ස්වාභාවික සංයුතිය පවා වෙනස් කිරීමට සමත් වී ඇත.

අංශුමය දූෂක ලෙස පොදුවේ හැඳින්වෙන්නේ දුම්, අලු, දුහුවිලි සහ නොයෙක් වාෂ්ප වර්ගයි. වාහනවලින්, විවිධ කර්මාන්තශාලා සහ බලාගාර මඟින් මෙන්ම බාහිර පරිසරයේ නොයෙක් දෑ පිළිස්සීම නිසාද  මේවා වැඩි වැඩියෙන් වායුගෝලයට මුදා හැරේ. පහසුවෙන් දැකිය හැකි වර්ණයකින් සහ එක් ස්ථානයක වැඩි වශයෙන් එක් රැස් වී පවතින අවස්ථාවල පමණක් අංශුමය ද්‍රව්‍ය පියවි ඇසෙන් දුමාරයක් ලෙස දකින්නට හැකියාව ලැබේ.

බරපතල හානිකාරකය

මෙම අංශු අතරින් වඩාත් කුඩා කාණ්ඩයට (PM 2.5) ඉතාම අහිතකර වේ. ඒවා  පෙනහලුවල සියුම් අභ්‍යන්තර  කොටස් දක්වාම ගමන් කිරීමටත් රුධිරයට ඇතුළුවීමටත් හැකියාව පැවතීම භයානක තත්වයක් ලෙස හඳුනා ගෙන ඇත.

වායු දූෂණයේ අනිටු පල

වායු දූෂණය වීම නිසා අඝාත තත්ත්ව, හෘදයාබාධ, පෙනහලු පිළිකා, නියුමෝනියාව, සහ නිධන්ගත ශ්වසන මාර්ග අවහිරතා (COPD)  සඳහා ඍජුවම දායකත්වය සැපයේ.  මීට අමතරව ඇස් දැවිල්ල සහ කඳුළු ගැලීම වැනි ආසාත්මික ලක්ෂණ ඇතිවීමත් ඇතැම්විට චර්ම රෝග උත්සන්න වීමත් වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නකි.

ලක්ෂයකින් 65ක් මිය යයි

කාලගුණයේ වෙනස්කම් සමඟ වරින්වර නිරීක්ෂණය වන බාහිර පරිසරයේ වායු දූෂණ තත්ත්වයට අමතරව ලාංකික අප බොහෝ දෙනා ජීවත්වන්නේ දූෂිත වාතයෙන් යුතු නිවාස තුළ බව විද්‍යාත්මකව සොයා ගෙන ඇත. ලාංකිකයින් ලක්ෂයක් ගතහොත් වර්ෂයකදී  65 දෙනෙකුට ඍජුවම වායු දූෂණය නිසා ජීවිත අහිමි වෙන බව වාර්තා වේ.

මේ මොහොතේ උද්ගතවී ඇති තත්ත්වයට නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට  නිවැරැදිව අනුගත වීමත් අවශ්‍යය. තවද අප හුස්මගන්නා වාතය පිරිසුදුව පවත්වා ගැනීම උදෙසා  නිවාස අභ්‍යන්තරයේ මෙන්ම බාහිර පරිසරයේත් වා‍යු දූෂණයට තුඩු දෙන ක්‍රියාකාරකම්වලින් වැලකී සිටීම ඉතා වැදගත් වනු ඇති.

වායු දූෂණය වැලැක්වීමට අපිට කළ හැකි දෑ

නිවෙස් තුළ මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් කටයුතු සඳහා දර වැනි ගණ ඉන්ධන භාවිතය සීමා කිරීම

උඳුන්වලින් පිටවන දුම් නිවසින් පිටතට චිමිනියක් ඔස්සේ ලමන් කිරීමට ඉඩ සැලසීම, කැළිකසල ගිනි තැබීමෙන් වැළකී දිරායන දෑ කොම්පෝස්ට් සෑදීමටත් දිරා නොයන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණයට කටයුතු කිරීම,

අපගේ පෞද්ගලික සහ පොදු  භාවිතයට  ගන්නා වාහනවල නිසි නඩත්තුව මඟින් විෂ දුම් වාතයට නිකුත්වීම අවම කරගැනීමද අපට කළ හැකියි.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිණි)

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

වායු දූෂණයේ අනාගත අවදානම

ඔබේ අදහස් එවන්න

 

 
 

සුව දිවියට අත්වැලක්

දැන දැන වැරදි කළාම හැදෙන හෘදයාබාධ
2025 ජනවාරි මස 22 3045 2

වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික



සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව
2024 ඔක්තෝබර් මස 01 1396 0

වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන


අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව
2024 අගෝස්තු මස 28 1662 0

ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?


පියකරු මුහුණක් - සිතට සතුටක්
2024 මැයි මස 31 1194 0

මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න


වයස අවු. 40 ට වැඩි නම් ප්‍රෙෂර් බලාගන්න
2024 මැයි මස 06 2364 1

වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 385 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1127 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site