IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මාරාන්තික ජලභීතිකාව වලක්වා ගනිමු

දැනට රටේ පවතින අර්බුදකාරී තත්ත්වය නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම ඖෂධවලද දැඩි හිඟතාවක් ඇති බවට මේ වනවිට සියලුම දෙනා දැනුම්වත්ව ඇති  බව  දනිමු. මෙවන්  අභියෝගාත්මක අවස්ථාවක වළක්වාගත හැකි සෞඛ්‍ය ගැටලු හැකි උපරිමයෙන් දුරු කර ගැනීමද කාලය අනුව යෝචිත උපක්‍රමයකි. 

ඒ අනුව මේ මොහොතේ බොහෝ දෙනා අතර කතාබහට ලක් වී තිබෙන ජලභීතිකා රෝග අවදානම අවම කරගැනීමට අපට ගත හැකි වැදගත්ම ක්‍රියාමාර්ගයක් ගැන අපි අද කතා කරමු.

ජලභීතිකාව වැළඳෙන්නේ , රේබීස්  නම්    වයිරසය ආසාදිත බල්ලන්, බළලුන්, ලේනුන්, වඳුරන් සහ වවුලන් වැනි ක්ෂීරපායී සතුන් විසින් පුද්ගලයන්ව සපා කෑමෙනි. එලෙස ශරීරයට ඇතුළු වූ වයිරසය රෝගියාට ලබාදෙන එන්නත් මාත්‍රා මාලාවක් මගින් අඩපණ කිරීම සිදු නොවන අවස්ථාවක තව තවත් ගුණනය වෙමින් මොළය හා සුසුම්නාව වෙත ගමන් ගනී. මෙහිදී  ස්නායු පද්ධතිය අඩපණ කර දැමේ. රෝග ලක්ෂණ ඇති වීමට දින පහත් අවුරුදු දෙකත් අතර කාලයක් ගත වීමට හැකියි. රෝග ලක්ෂණ ඇතිවී  දින කිහිපයක් ඇතුළත රෝගියා මරණයට පත්වීම මෙහි ඇති භයානක මෙන්ම සෝචනීය තත්ත්වයයි. 

මාරාන්තික ජලභීතිකා රෝගය පැතිරීම වළක්වාගැනීමට මේ මොහොතේ ඔබේ නිවසේ  සුරතලා ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. සුරතල් සතුන් සඳහා ලබා දෙන ජලභීතිකා වළක්වන එන්නත් තවමත් පශු වෛද්‍ය  සේවාවන් හරහා ලබාගත හැකි නිසා හැකිතාක් ඉක්මනින් ඒ සඳහා යොමු වීම වැදගත්ය. 

නිවසේ සිටින සූරතල් සතුන්ට මූලික ජලභීතිකා එන්නතට පසුව වාර්ෂිකව ලබා දිය යුතු බූස්ටර් ජලභීතිකා මර්ධන එන්නත් මාත්‍රාද  නිසි කලට ලැබී ඇති බවට වගබලාගත යුතු වේ.

 සුරතල් සතුන්ගේ ජලභීතිකාවට එරෙහි ප්‍රතිශක්තිය යාවත්කාලීන කරන අතරතුරේම සතුන් දඩාවතේ යෑම වළක්වාගැනීමත් කළ යුතු අනෙක් කරුණයි.

 ජලභීතිකාව බෝ වීමට හැකි එකී  අවදානම සහිත සතුන්ගේ සපාකෑම් වළක්වා ගැනීමට සියලු ක්‍රියාමාර්ග ගැනීම ඉතාම  වැදගත්වේ. 

වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවනුත් මේ මොහොතේදී  ආරක්ෂා කර ගැනීම පුරවැසි යුතුකමද වේ.

මේ දුෂ්කර අවස්ථාවේ, අප සියලු දෙනා එකාවන්ව ඉහත කී නිසි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ පුරවැසි යුතුකම ඉටු කළ යුත්තෙමු. එවිට ඔබේත් ඔබේ පවුලේ සමීපතමයන්ගේත් මෙන්ම ඔබේ අසල්වැසියන්ගේත් ජීවිත, ජලභීතිකාවෙන් එල්ලවිය හැකි මාරාන්තික තත්ත්වයෙන් ගලවාගැනීමට හැකි වනු ඇති.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලබා දුන් විස්තර ඇසුරෙනි.)

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

මාරාන්තික ජලභීතිකාව වලක්වා ගනිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site