නිවසේ සිට ප්‍රතිකාර ලැබීමට සුදුසු බවට සනාථ කොට , වෛද්‍ය උපදෙස් මත සිටිනා කොවිඩ් රෝගියකු විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි. එබැවින් ඒ අවස්ථා මඟ නොහැර හඳුනා ගෙන වෛද්‍ය නිර්දේශ මත හැකි ඉක්මනින් රෝහල් ගත වීම උචිත වේ.
රෝහල් ධාරිතාව ඉක්මවා රෝගීන් වාර්තා වීමට යම් පිළියමක් ලෙසත් , සෞඛ්‍ය පද්ධතිය බිඳ නොවැටී පවත්වා ගෙන යනු පිණිසත් නිවසේ සිට ප්‍රතිකාර කිරීමේ ක්‍රමය හඳුන්වා දෙනු ලැබිණි. එම වැඩපිළිවෙළ යටතේදී රෝගියා ⦾ උපරිමයෙන් විවේක ගැනීම,
⦾ ප්‍රමාණවත් ලෙස ජලය උණුවෙන් පානය කිරීම,
⦾ පෝෂ්‍යදායී සමබර ආහාර වේලක් ගැනීම,
සහ ⦾ රෝගය උත්සන්න වන බවට වන ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටීම ඉතාම වැදගත්ය.
විවේකීව සිටියදී හෝ අඩි දහයක් දොළහක් පමණ ඇවිද යද්දී හති වැටේ නම් හෝ හුස්ම ගැනීමට අපහසු බවක් දැනේ නම්, එය එම රෝගියා වහාම රෝහල්ගත කළ යුතු තත්ත්වයක සිටින බව පෙන්නුම් කරන ප්‍රධානතම ලක්ෂණයකි. අට වාරයක් - දහ වාරයක් පමණ පුටුවකින් හිඳ ගැනීම හා නැගිටීම සිදුකිරීම හෝ වෙනත් සුළු ව්‍යායාමයක දී හතියක් ඇතිවේ දැයි පරික්ෂා කිරීමත් මෙහි දී කළ හැකියි.
රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය මැනිය හැකි pulse-oximeter උපකරණයක් නිවසේ ඇත්නම් එය ආධාරයෙනුත් අපට රෝගියාගේ තත්වය ගැන අදහසක් ලබාගත හැකිවේ. මෙවැනි අවස්ථාවක සිරුරේ ඔක්සිජන් සාන්ද්‍රණය 96% ට වඩා අඩු අගයක් ගන්නා බවට පෙනේනම් වහාම රෝහල්ගත වීමට කටයුතු කළ යුතුය. එවන් උපකරණයක් නැතිනම් පෙර කී අවදානම් ලක්ෂණ පමණක් සලකා බලා වුවත් රෝහල්ගතවීම ගැන වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම ඉක්මනින් කළ යුතුයි.
මෙයට අමතරව,
⦾ නිතර පවතින පපුවෙහි බර ගතිය හෝ පපුවේ වේදනාව
⦾ තොල කට වියළී යාම, මූත්‍රා පිටවීම අඩු වීම වැනි විජලනයේ ලක්ෂණ
⦾ සිහි කල්පනාව වෙනස් වීම
යනාදී රෝග ලක්ෂණ ද කොවිඩ් ආසාදිතයෙකු වහාම රෝහල් ගත යුතු අවස්ථාවට පැමිණ ඇති බව පෙන්වන මූලික ලක්ෂණ වේ.
එමෙන් ම, රෝගියා මුල සිට පෙන්නුම් කළ රෝග ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් දරුණු වීම හෝ අසාමාන්‍ය ලෙස කල්පැවතීමක් සිදු වේ නම් එවැනි රෝගීනුත් රෝහල් ගත කිරීම පිළිබඳ සලකා බැලීම සිදු වේ. මෙවන් අවස්ථාවකට ඔබ හෝ ඔබ විසින් රැක බලාගන්නා කොවිඩ් ආසාදිත රෝගියා පත්වුවහොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතා වැදගත්. මේ හැර උණ සහ අනෙකුත් සුළු රෝග ලක්ෂණ සඳහා නියම කෙරෙන ඖෂධ නිවසේ සිටම ලබාගැනීම කළ හැකියි.
ඉහත සඳහන් කළ කිසිම රෝග ලක්ෂණයකින් හෝ සරල පරීක්ෂාවකින් කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බව නිගමනය කළ නොහැකිය. රෝග නිශ්චය කළ හැක්කේ වෛද්‍ය උපදෙස් මත නිසි අවස්ථාවේ සිදු කෙරෙන PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මඟින් පමණක් බවත් මෙහි දී අවධාරණය කළ යුතුයි.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලබා දුන් තොරතුරු ඇසුරින් සැකසිණි.)
-සටහන - මාධවී ධර්මරත්න.
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නිවසේ සිට ප්‍රතිකාර ගන්නා කොවිඩ් රෝගියකු, රෝහල්ගත විය යුතු අවස්ථා