IMG-LOGO

ගර්භනී මවක් දැනුම්වත් විය යුතු කරුණු

පවුල් සෞඛ්‍ය සේවා නිලදාරිනිය ළඟ ලියාපදිංචි විය යුත්තේ ඇයි? සැලසෙන සේවා

ගර්භණී මවක් තම ගර්භණීභාවය දැනගත් මුල් කාලයේදීම තමා අදාල ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලදාරිනිය හමු වී ලියාපදිංචි වීම සිදු වේ. ගර්භයට සති හයක් අටක් අතර කාලය තුළදී ලියාපදිංචි වීමෙන් මවට වඩා ගුණාත්මක සේවාවක් ලැබිය හැකියි. එනම් මවගේ රෝගී තත්ත්වය සහ අවදානම් සාධක කලින් හඳුනා ගෙන අවශ්‍ය පරිදි විශේෂඥ උපදෙස් සඳහා යොමු කිරීමටත් අවකාස ලැබෙනු ඇත. තවද ෆෝලික් අම්ලය ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ තවමත් නොගන්නා මවක් නම් එය ලබා ගැනීමට නිර්දේශ කිරීමත් අවශ්‍ය අනෙක් සේවාවන් ඇරැඹීමත් මේ කාලය ඇතුළතදී සිදුවේ.

ගර්භණී කාලයේදී දරුවාගේ මොළයේ වර්ධනය වෙන්නේ මෙහෙමයි

මවු කුස තුළදීම දරුවාගේ ඇසීම, පෙනීම, ගඳ සුවඳ දැනීම, රස දැනීම සහ ස්පර්ශය දැනීමේ හැකියාවක් ඇති බව ඔබ දන්නවාද? ඒ අතුරිනුත් ඇසීම සහ ස්පර්ශයට දරුවා වඩාත් සංවේදී වේ. දරුවාගේ මොළයේ ශීඝ්‍ර වර්ධනය මවුකුස තුළදීම ඇරැඹේ.

දරුවා බිහි වන දිනය වනවිට මොළය පමණක් ස්නායු සෛල ලක්ෂ සීයක් පමණ එකතුව සෑදේ. ගර්භණී කාලයේදී එනම් දින 280ක් තුළ මෙතරම් සෛල ප්‍රමාණයක් සෑදෙන විට එක් දිනක එක් විනාඩියකදී එක් තත්පරයකදී කෙතරම් ප්‍රමාණයක් නිපදවෙනු ඇත්ද අපට සිතා ගත හැකියි නේද?

මෙවැනි භෞතික වර්ධනයක් සිදු වන අතරේ මොළයේ වැඩීමද අපට නොපෙනෙන නමුත් එයද ඉතාම වැදගත් ක්‍රියාවලියකි. ඒ තුළින් දරු වාගේ මානසික, සමාජයීය හා ආධ්‍යාත්මික යහපැවැත්ම ගොඩ නැගේ.

බිළිඳාගේ මොළයේ වර්ධනයට අපට කළ හැකි දෑ

ඔබට හැකි සෑම විටෙකම කුස තුළ ඉන්නා දරුවාට දැනෙන ලෙස සෙමෙන් ආදරයෙන් උදරය අත ගෑම.

දරුවාට ආදරයෙන් සෙනෙහසින් කතා කිරීම

දරුවාට ඇසෙන පරිදි නැළවිලි ගී, කවි,පිරිත්, ගායනා කිරීම.

ඔබට මේ වනවිට තවත් දරුවන් සිටී නම් ඔවුන්ට අලුත් අමුත්තා ගන කියාදී ඔවුන් ලවා දරුවාට ඇසෙන පරිදි කතා කිරීමට සැලැස්වීම. මෙය පවුලේ සියලුම දෙනාට වුවද කළ හැකියි.

ඔබගේ මනස නිරවුල්ව සන්සුන්ව තබා ගැනීමට ආගමික කටයුතුවල නිරත වීම.

තරහ,ක්‍රෝධය ,ඊර්ෂ්‍යාව වැනි වෛරී සිතිවිලි ඇති නොවීමට වගබලා ගැනීම සහ ඒවා පාලනය කිරීම.

ඔබට අවැසි පමණ හොඳ විවේකයක් ලබා ගැනීම.

ඔබ නිතරම පසු විය යුත්තේ දැඩි ආතතිකාරී , කලබල පරිසරයකින් මිදී සංසුන් පරිසරයකයි. මෙවැනි ක්‍රියාකාරකම් දරුවාගේ මොළයේ සංවර්ධනයට ඉවහල්වන බව ඔබටම තේරුම් ගත හැකියි. සියලුම දෙනාගේ පැතුම තමන්ට නිරෝගී දරුවකු බැවින් ඒ උදෙසා මවට, පියාට සහ පවුලේ අනෙකුත් සාමාජිකයන්ට ඇති වගකීම මැනවින් හඳුනා ගෙන කටයුතු කිරීමත් වැදගත්ය.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

ගර්භනී මවක් දැනුම්වත් විය යුතු කරුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1009 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site