
මේ දිනවල කැස්ස, හෙම්බිරිස්සාව මෙන්ම වයිරස් උණ ආදී රෝග තත්ත්ව ඉතා ඉක්මනින් පැතිරී යන වකවානුවකි. අධික වැස්ස, සීතල දේශගුණය බොහෝ පුද්ගලයන් රෝගී වීමට හේතුවකි. බොහොමයක් දෙනා වැස්සට තෙමීමත්, සීතල ගතිය ඔරොත්තු නොදීමත් නිසා ඉහත සඳහන් කළ රෝගාදියට පහසුවෙන්ම ගොදුරු වේ. එබැවින් මේ කාලයේදී අපි සියලුම දෙනා සනීපාරක්ෂාව ගැන වැඩි වැඩියෙන් සැලකිලිමත් විය යුත්තෙමු. තමා මෙන්ම අන් අයද රෝගවලින් ආරක්ෂා වනු පිණිස සෞඛ්‍ය පුරුදු පිළිපදිමු.
♦ කවර හෝ පුද්ගලයකු උණ හෝ කැස්ස හෝ හෙම්බිරිස්සාව ගතියෙන් පෙළේ නම් නිවසෙහි රැඳී සිටින්න. සුව වන තුරු විවේක ගන්න. එවිට අන් අය අතරද රෝග සම්ප්‍රේෂණය වීම වැලකේ.
♦ හෙම්බිරිස්සා ගතිය ඇති පුද්ගලයන් අනිවාර්යෙන්ම ලේන්සුවක් හෝ ටිෂූ භාවිත කරන්න.
ටිෂූ තැන තැන දැමීම වෙනුවට ඒවා නිසි පරිදි බැහැර කරන්න.
♦ කිවිසුම් යාමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදය අනුගමනය කරන්න.
තම වැළමිට ආධාර කර ගෙන කෙළ බිඳිති අවටට නොවිසිරෙන ආකාරය මින් අදහස් වේ.
♦ දෛනික වැඩ කටයුතුවලදී සීතල වතුරෙන් හැකිතරම් පරෙස්සම් වන්න. නොඑසේනම් මෙකී රෝගාදිය තවත් උත්සන්න වීමට පුළුවන.
♦ දින 02ට වඩා උණ කල් අල්ලා පවතී නම් නොපමාව වෛද්‍ය උපදෙස් කරා යොමු වන්න.
♦ ගුණවත් , පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගන්න. ඔබට සෙම ගතිය ඇත් නම් ආහාර රුචිය අඩු විය හැකියි. ඒත් ඔබ රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට නම් හොඳින් ආහාර පාන ලබා ගත යුතු වේ. එමගින් අඩාල වූ කායික ශක්තිය මෙන්ම ප්‍රතිශක්තියද වර්ධනය කර ගත හැකි වනු ඇත.
♦ සිසිල් වූ ආහාර වෙනුවට මඳ උණුසුමින් යුත් ආහාර අනුභව කිරීම සුදුසු වේ.
♦ නිවසේම පිළියෙළ කළ ආහාර රෝගියාට පිළිගන්වන්න. දැඩි වර්ෂාපතනය නිසා මේ වනවිට ප්‍රදේශ බොහොමයක්ම ගං වතුරින් යටවී ඇත. එවැනි වකවානුවකදී පිටතින් ලබා ගන්නා ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බව ගැන ගැටලු මතු වේ.
♦ එළවළු, පළා වර්ග හොඳින් සෝදා පිස ආහාරයට ගන්න.
♦ මනාව ජලය පානය කරන්න
සීතල වතුර වෙනුවට හොඳින් නටවා උණු කර ගත් ජලය පානය කිරීම සුදුසුය. එයද මඳ උණුසුම පැවතියදී නම් වඩාත් ගුණදායක වේ.
මේ කාලයේදී සිරුරේ අඩාලවූ ප්‍රතිශක්තිය නැවතත් වඩවා ගැනීම කළ යුතු වේ. රෝගී වී පසුතැවෙනවාට වඩා රෝගවලින් බේරීමටත් රෝග පාලනය කර ගත හැකි ක්‍රම අනුගමනය කිරීමටත් දැනුම්වත් වීමත් ඔබට කළ හැකි වේ.
-සටහන- මාධවී ධර්මරත්න
2025 නොවැම්බර් මස 04
28
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැස්ස, හෙම්බිරිස්සාව සහ උණෙන් වලකින අයුරු