IMG-LOGO

කොරෝනා අවදානමෙන් තරබාරු අය මිදෙන්නේ කෙසේද

(කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලදාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසා)

තරබාරුකමෙන් පෙළෙන පුද්ගලයින් දැඩි ලෙස COVID රෝගයට ගොදුරු වීමේ හැකියාව පවතී. මෙසේ වීමට හේතුව උදරයේ තැන්පත් වන මේදය ප්‍රාචීරය මතට තල්ලු වන අතර එමඟින් පපුවේ කුහරයට පහළින් පිහිටි විශාල මාංශ පේශි මගින් පෙනහලුවලට බාධා ඇති කරයි. මෙහිදී වාතය ගලා යාම පවා සීමා වේ.

මෙමගින් පෙනහලු නියමිත ලෙස ක්‍රියා නොකිරීම හේතුවෙන් සහ පෙනහලුවලට අවශ්‍ය ඔක්සිජන් ධාරිතාව බිද වැටීම ඔබ වැඩි අවධානමකට ලක් කරයි.

තවද අධික තරබාරුකමෙන් පෙළෙන පුද්ගලයින්ගේ රුධිරය කැටි ගැසීමේ ප්‍රවණතාව වැඩි වේ. විශේෂයෙන් බරපතළ අවදානමක් ඇති විට පෙනහලුවල කුඩා නාලවල රුධිර කැටි ආසාදනය වීමේදී බරපතළ අවදානමක් පවතී.

තරබාරුකමෙන් පෙළෙන පුද්ගලයින් තුළ ප්‍රතිශක්තිකරණය ද දුර්වල වන අතර, ප්ලීහාව, ඇට මිදුළු සහ තයිමස් වැනි ප්‍රතිශක්තිකරණ සෛල නිපදවා ගබඩා කරන අවවලට මේද සෛල විනිවිද යන බව ෆෙයාර්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ පෝෂණ විදයාඥවරියක් වන කැතරින් ඇන්ඩර්සන් මහත්මිය පවසයි.

මේද පටක වෙනුවට අපට ප්‍රතිශක්තිකරණ පටක අහිමි වෙමින් පවතින අතර එමඟින් ශරීරය රෝග කාවලින් ආරක්ෂා කර ගැනීමට හෝ එන්නතකට ප්‍රතිචාර දැක්වීමේදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩු පලදායී , ”බව ඇය පවසයි.

ආසාදනවලට ඇති දුර්වල ප්‍රතිචාරයෙන් ඔබ්බට තරබාරුව ඇති පුද්ගලයින් නිදන්ගත රෝග බොහොමයකින්ම පීඩා විඳිති

තරබාරුකම ඇති පුද්ගලයින් සඳහා ඇති අමතර අවදානම නම් මානසික සුවතාව අහිමි වීමයි. එබැවින් තරබාරු පුද්ගලයන් වසංගත කාලයේදී තමන්ගේ නිරෝගීතාව කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.

ඔබේ මුහුණු ආවරණ නිසිපරිදි නිවැරැදිව පළඳින්න. ඔබේ අත් පිරිසුදුව තබා ගන්න. සෙනඟ ගැවසෙන තැන් මඟ හැර සිටින්න. ඊට අමතරව, ව්‍යායාම කිරීම සහ වෙන වෙනම බර අඩු කර ගැනීම තරබාරු පුද්ගලයෙකුගේ පරිවෘත්තීය සෞඛ්‍යය ඉහළ නැංවිය හැකිය. මෙයාකාරයෙන් නිවැරැදි ජීවන රටාවක් අනුගමනය කරන තරබාරු පුද්ගලයකුට කොවිඩ් ආසාදනය වුවද අවදානම අවම කර ගත හැකිය.

-සටහන - මාධවී ධර්මරත්න

 



අදහස් (0)

කොරෝනා අවදානමෙන් තරබාරු අය මිදෙන්නේ කෙසේද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 67 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 982 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site