මාස්ක් එකක් වෙනුවට ෆේස් ෂීල්ඩ් එකක් පමණක් පැළඳීම කොරෝනා වසංගතයට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මුලින්ම කිව යුතුයි.
කොවිඩ් ආසාධිත පුද්ගලයකුගෙන් නිරෝගී පුද්ගලයකු වෙත අවකාසය හරහා වයිරසය ගමන් කිරීම හැකිතාක් අවම කිරීම මුහුණු ආවරණය දැමීම මගින් අපි මූලිකවම අපේක්ෂා කරයි. මුව ආවරණයක් මගින් පෙරහන් කිරීම කෙතරම් දුරට සාර්ථකද සහ එය මුහුණට කොපමණ හොඳින් සවි වී තිබේදැයි යන කාරණය මත මෙය රඳා පවතී.
එනමුත් ෆේස් ෂීල්ඩ් එකක් මගින් සිදුවනුයේ තමා සමීපයේ සිටින පුද්ගලයකුගේ මුවින් පිටවන විසබීජ සහිත කෙළ බිඳිති තම මුව මතට පතිත වීම වැලැක්වීමයි.
තමාට පුද්ගල දුරස්තභාවය රැකගත නොහැකි අවස්ථාවකදී අන් පුද්ගලයකුගේ කෙළ බිඳිති තම මුව මත පතිත වීම වලක්වා ගැනීම සඳහා මාස්ක් එකට අමතරව ෆේස් ෂීල්ඩ් එකක් ද පැළැඳිය හැකියි. මීට අමතරව කෙළ බිඳිති පතිත වී මුව ආවරණය අපිරිසුදු වීම වැලැක්වීම සඳහා ෆේස් ෂීල්ඩ් එකක් පැළැඳීම අනුමත කළ හැකියි. විශේෂයෙන්ම කැස්ස වැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් සමග නිතර ගැවසෙන රෝහල් කාර්ය මණ්ඩලවලට තම මුව ආවරණය අපිරිසුදු වීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ෆේස් ෂීල්ඩ් එක පැළැඳිය හැකිය.
එහෙත් කිසිම විටෙක මුව ආවරණය වෙනුවට භාවිත කළ හැකි ආදේශකයක් ලෙස මෙය නොපැළඳිය යුතුයි. මුව ආවරණයකින් තොරව ෆේස් ෂීල්ඩ් එකක් පමණක් දැමීමෙන් අපේක්ෂිත ආරක්ෂාව කිසි ලෙසකින්වත් ඉටු නොවේ.
මෙහිදී අවධාරණය කළ යුතු විශේෂිත කරුණක් තිබේ.එනම් මුව ආවරණයක් පැළැඳීම යනු වසංගත තත්ත්වයෙන් ආරක්ෂා විය හැකි එක් උපක්‍රමයක් මිස පූර්ණ ආරක්ෂාවක් නොවන බවයි.එසේම පවතින වසංගත තත්ත්වය අවම කර ගැනීමට නම් මෙවන් ආරක්ෂණ උපක්‍රම සේම සෙනඟ ගැවසෙන තැන් මඟ හැරීම, පුද්ගල දුරස්තභාවය රැක ගැනීම, දෑත් නිතරම පිරිසුදුව තබා ගැනීම යන සෞඛ්‍ය මාර්ගෝපදේශනද එක සේ ඉවහල් වේ.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලබා දුන් තොරතුරු ඇසුරින් සැකසිණි)
-සටහන- මාධවී ධර්මරත්න
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කොරෝනාවෙන් බේරෙන්න වඩා හොඳ මාස්ක් එකද? ෆේස් ෂීල්ඩ් ද?
gamunu Tuesday, 29 June 2021 05:55 AM
කොරෝනාවෙන් බේරෙන්න වඩා හොඳ මාස්ක් එකද? ෆේස් ෂීල්ඩ්ද? පිළිතුර මාස්ක් දෙකම පැළඳීම වඩාත් සුදුසු වේ. නමුත් වඩාත්ම හොඳ එන්නත ලබාගැනීම වේ. එන්නත් ලැබෙනතුරු මාස්ක් එක අනිවාර්ය වේ. එසේ නොවුණ හොත් කොරෝනා වැළඳීමෙන් පසු දින 14ක් කොන්වී සිටීමට සිදුවනු ඇත..