IMG-LOGO

කොරෝනාවෙන් බේරෙන්න මුහුණු ආවරණ මෙහෙම පළදිමු

කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීමේදී නිවැරදිව මුහුණු ආවරණ පැළඳීම ඉතා වැදගත් වේ. පවතින වසංගත තත්ත්වය යටතේ මෙන්ම නවතම තොරතුරු අනුව අප පැළඳිය යුත්තේ මුහුණු ආවරණ එකක්ද, එකකට වඩා පැළඳිය යුතු ද යන්න ඇතැමුන් සිතද්දී තවත් පිරිසක් තවමත් නිවැරදිව මුහුණු ආවරණයක් පළඳින බව නොපෙනේ. කෙසේ වෙතත් පවතින තත්වය අනුව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීමට නම් නිවසින් බැහැරව යන සෑම අවස්ථාවකම නිවැරදි අයුරින් මුහුණු ආවරණයක් පැළඳ සිටීම කළ යුතුය.

මෙහිදී නිසි ප්‍රමිතියෙන් යුත් මුහුණු ආවරණයක් තෝරාගැනීම ද වැදගත් වේ. ඔබ පළඳින්නේ කේ.එන්95 වර්ගයේ මුව ආවරණයක් නම් එය නිවැරදිව මුහුණට සියලු දාර ස්පර්ශ වී ඇති ආකාරයට පළඳින්නේ නම් එය මතින් අමතර මුව ආවරණයක් පැළඳීමේ අවශ්‍යතාවයක් නැත. නමුත් සර්ජිකල් වර්ගයේ මුහුණු ආවරණයක් (Surgical mask) භාවිතයේ දී මුහුණත්, මුව ආවරණයත් අතර හිඩසක් තිබීම දක්නට ලැබේ. ඒ නිසා ඊට පිටතින් රෙදි මුව ආවරණයක් පැළඳීමෙන්, ඇතිවන හිඩැස් අවම කරගත හැක. මේ වන විට වෛද්‍යවරුන් ද මෙය වඩා ආරක්ෂාකාරී බව පවසා තිබේ.

රෙදි මුව ආවරණයක් පැළඳීම, කිසිදු මුව ආවරණයක් නොපළඳිනවා ට වඩා ඉතා ආරක්ෂාකාරී ක්‍රමයක් වන නමුත් රෙදි මුව ආවරණයකින් ලැබෙන ආරක්ෂාව එහි ඇති ස්තර ගණන මෙන්ම එය සාදා ඇති අමුද්‍රව්‍ය මත තීරණය වේ. ඒ නිසා ඉතා වැඩි අවදානමක් ඇති අවස්ථාවක, වැඩිපුර ආරක්ෂාවක් අවශ්‍ය විටෙක ඉහත සඳහන් කළ ආකාරයට surgical mask එකක් පැළද ඊට පිටතින් රෙදි මුව ආවරණයක් පැළඳිය හැකි අතර රෙදි ආවරණයක් පමණක් පැළඳීම ප්‍රමාණවත් නොවිය හැක.

එමෙන්ම මුහුණු ආවරණයක් පැළඳ සිටින අවස්ථාවේදී මෙන්ම නොපැළඳ සිටින විටත් මුහුණ ඇල්ලීමෙන් හැකි පමණ වැළකී සිටිය යුතුය.

මුහුණ ස්පර්ශ කිරීමේ අවශ්‍යතාවක් ඇත්නම් එය කළ යුත්තේ සබන් යොදා දෑත් සේදීමෙන් අනතුරුවය. මුහුණු ආවරණය පැළඳ සිටින විට එහි පිටත ස්පර්ශ කිරීම ද ‍නොකළ යුතුය. එමෙන්ම මුහුණු ආවරණය ගෙල ප්‍රදේශයේ රැඳවීමෙන් ද ගෙල, නිකට ආදී ස්ථානවල රැඳුණු විෂබීජ එහි තැවරීමේ අවදානමක් පවතී.

මුහුණු ආවරණය අතරින් හිඩැස් නොපවතින සේ පැළඳීම ද වැදගත් වන අතර එසේ නොකළහොත් නිසි ලෙස පෙරීමකින් තොරව ‍වයිරස් සහිත වාතය ඔබගේ ශරීරයට ඇතුළුවීමේ අවදානමක් මතුවේ. මුහුණ ආවරණය නිවැරදිව පළඳා ඇත්නම් හුස්ම ගන්නා අවස්ථාවේදී මුහුණු ආවරණය හැකිලීම සහ හුස්ම පිටකරද්දි පිම්බීම සිදුවන්නේ නම් ඔබ එය නිවැරදිව පැළඳ ඇත.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලබාදුන් තොරතුරු ඇසුරිනි)

ස‍ටහන - ඩයනා උදයංගනී

 



අදහස් (0)

කොරෝනාවෙන් බේරෙන්න මුහුණු ආවරණ මෙහෙම පළදිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 67 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 982 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site