IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඇස් ආබාධ සඳහා පාර කපන අපේ වැරැදි පුරුදු

අපේ ඇස් රැක ගත යුත්තේ ඇස් පරිද්දෙනි. හිතාමතා හෝ නොසිතා කරන සුළු හෝ වරදක් නිසා පෙනීම මුළු ජිවිත කාලයටම අහිමි වී යා හැකියි. විශේෂයෙන් ඇස් රෝග උූදෙසා අපට සිතුමතේ බේත් හේත් වුවු භාවිත කළ නොහැකියි.

පසුගිය වසර දෙක පුරාම රටේ ඇති වූ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මාර්ග ගත අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දෙනු ලැබිණි. මාර්ග ගත අධ්‍යාපන ක්‍රමය නිසා කුඩා දරුවාගේ සිටම වැඩිහිටි පුද්ගලයා දක්වාම දිගු වේලාවක් පරිගණක තීරය, ස්මාට් ජංගම දුරකතන තිරය දෙස බලා සිටීමේ අනිටු ප්‍රතිඵලද මේ වනවිට වාර්තා වෙමින් පවතී. 

එනම් හිසේ කැක්කුම , ඇස් වටා ප්‍රදේශය රිදීම, ඇස්වල කැක්කුම් ගතිය මීට උදාහරණ වේ. විවිධ පැති දෙස නොබලා එකම දිශාවක ඇති දෙයක් දෙස දිගු වෙලාවක් බලා සිටීමෙන් ඇස් වෙහෙසට පත් වීම මීට හේතුවයි. 

ඇහේ මාංශ පේශි සංකෝචනය වීම නිසා ඇහැ රිදීමට පටත් ගැනේ. කඳුළු ගලා ඒම, බෙල්ල රිදීම, වමනය ගතිය, අධික නොරිස්සුම වැනි තත්ත්වද ඇති කරවයි. මෙය ‘Computer vishion syndroma ‘ නමින් හැඳින්වේ. විනාඩි 20 ට වඩා ඩිජිටල් තිරයක් දෙස එක එල්ලේ බලා සිටීමෙන් ඇස් පිල්ලම් නොගසා බොහෝ වේලාවක් සිටීමෙන් ඇස් වේලීම, ඔළුව නවා ගෙන දිගු වේලාවක් සිටීමෙන් බෙල්ලේ මාංශ පේශීන්වලට බලපෑම් එල්ල වේ.

කුඩා දරුවනුත් අද දෘෂ්ඨි ආබාධවලට ගොදුරු වෙලා

අද වනවිට වයස්ගත වීම නිසා සිදුවන ඇස් නොපෙනීමේ තත්ත්වයට වඩා කුඩා දරුවන් අතර පවා ඇස් ආබාධ, දෘෂ්ඨි ආබාධ හට ගත හැකියි. මවුපිය නොදැනුම්වත්භාවය හරහා දරුවාට කුඩා කල සිට තිබූ ඇස් ආබාධ හෙතෙම වයසින් වඩෛත්ම ප්‍රතිකාර මගින් සුව කළ නොහැකි අවධීන් දක්වා පැතිරී යා හැකිය. එබැවින් දරුවා ගැන විමසිලිමත් වනවා සේම දරුවාගේ පෙනීම සම්බන්ධවත් මවුපිය වගකීම, අවධානය ලබා දෙන්න.

මේ අනුව ඔබේ දරුවාගේ ඇස්වල පෙනීම ගැන සුළු හෝ සැකයක් ඇත්නම් වහාම ළඟම පිහිටි අක්ෂි සායනයකට හෝ අක්ෂි විශේෂඥ වෛද්‍යවරයකු වෙතට හෝ දරුවාව යොමු කරවන්න.

‘Computer vishion syndroma ‘වලක්වා ගැනීම

1)  20: 20:20 පුරුද්දට අනුගත වන්න.

2)  එනම් විනාඩි 20ට වතාවක් තමාට අඩි 20ක් දුරින් පිහිටි දෙයක් දෙස තත්පර 20ක් බලා සිටින්න.

3)  පරිගණක තීරය තම මුහුණ මට්ටමට වඩා අංශක 30ක් පහළින් තබා ගන්න.

4)  ඔබ ඉන්නා ස්ථානයේ දීප්තියට වඩා අඩු වන පරිදි පරිගණක තිරයේ දීප්තිය සකසා ගන්න.

5)  සෑම විනාඩි 10ටම 15කටම වතාවක් ඇස් වසන්න. ඇගිලි තුඩු මගින් ඇස් මෘදුව සම්භාහනය කරන්න.

පෝෂ්‍යදායී ආහාර රටාවකට අනුගත වෙමු

විටමින් ‘ඒ‘ ඌනතාව නිසා රාත්‍රී කාලයට ඇස් නොපෙනීමේ තත්ත්වයක් මතු වේ. පළා වර්ග, කහ පාට එළවළු, පලතුරු , පොඩි මාලු වර්ග ආහාරයට අමතක නොකරම එකතු කර ගන්න. එමෙන්ම මෝර ගුලි, ඔමෙගා ඔයිල්, ෆිෂ් ඔයිල් වැනිදෑ ඇහේ පටකවලට ඇති වන ආබාධ අඩු කරවයි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

ඇස් ආබාධ සඳහා පාර කපන අපේ වැරැදි පුරුදු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 352 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site