IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය ස්වයං-නිරෝධායනයට

 

ෆින්ලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එරට අග්‍රාමාත්‍ය සනා මරීන් ස්වයං-නිරෝධායනයට යොමු වී ඇත.

 

යුරෝපා කවුන්සිලයේ හමුවකට ද ඇය සහභාගී වී සිට ඇති අතර අගමැතිනිය එම හමුවෙන් ද නික්ම ගොස් ඇත.

 

‘‘අග්‍රාමාත්‍යවරිය යුරෝපා කවුන්සිල රැස්වීමෙන් ඉවත් වුණා. ෆින්ලන්තය වෙනුවෙන් ස්වීඩන අග්‍රාමාත්‍ය ස්ටෙෆාන් ලෝවන් ෆින්ලන්තය නියෝජනය කරනවා’’ යැයි ෆින්ලන්ත රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

 

ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය නැවත සිය රට බලා පිටත්ව ගොස් ඇති අතර ඇය කොරෝනා වයිරස පරීක්ෂණයකට මුහුණ දීමෙන් පසුව හෙල්සින්කි හිටි පිහිටි අග්‍රාමාත්‍ය නිවසේ ස්වයං නිරෝධායනයට යොමු වන බව ද අදාළ නිවේදනයේ දැක්විණි.

 

ෆින්ලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ටොම් පැකලෙන්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි අද (16) වාර්තා විය. ඒ අනුව පූර්ව සෞඛ්‍යාරක්ෂිත පියරවක් ලෙස අග්‍රාමාත්‍යවරිය මෙලෙස ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

 

එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරිය දළ එරට පාර්ලිමේන්තුවේ පැවැති ඒකාබද්ධ රැස්වීමට සහභාගී වී ඇත.

 

සිය කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලියේන් ද ඉකුත් දා ස්වයං නිරෝධායනයට යොමු වූවා ය. ඇය එලෙස ස්වයං නිරෝධායනයට යොමු වීමෙන් දිනකට පසු ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය මෙලෙස ස්වයං නිරෝධායනයට යොමු කෙරුණි.

 

ස්වයං නිරෝධායනයට යොමු ව සිටින පෝලන්ත අග්‍රාමාත්‍ය මාටියෙස් මොරවියෙස්කිට යුරෝපා කවුන්සිල හමුවට සහභාගී වීමට නොහැකි විය.

 

යුරෝපය නව කොරෝනා වයිරසයෙන් බැට කන මොහොතක පුද්ගලයන් ගෙන්වා ගනිමින් මේ ආකාරයෙන් මෙම හමුව පැවැත්වීම සම්බන්ධයෙන් ඩෙන්මාර්ක අග්‍රාමත්‍ය මැට ෆ්‍රෙඩරික්සන් සිය විරෝධය පළ කර තිබිණි.

 

‘‘මේ හමුව විඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන්න තිබුණා’’ යැයි බ්‍රසල්ස් නුවරට පැමිණීමෙන් පසුව ඩෙන්මාර්ක අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය.

 

ඒ.එෆ්.පී.

055

 



අදහස් (0)

ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය ස්වයං-නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31653 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14097 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11102 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 185 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site