කෙරෝනා වයිරස පොකුරක් වාර්තා වීමත් සමඟ හොංකොං හි සියලුම දේශසීමා විදේශිකයන් සඳහා වසා දැමීමට බලධාරීහු අද (02) කටයුතු කළහ.
සැප්තැම්බර් මැද භාගය වනතෙක් අටදෙනකුට වඩා රැස්වීම ද තහනම් කර තිබේ.
හොංකොං හි සෞඛ්‍ය ලේකම් සොෆියා චාන් පැවසුවේ කොරෝනා රෝගීන් 09 දෙනකුගෙන් යුත් නව පොකුරක් වාර්තා වී ඇති බවයි.
එම පොකුරේ පළමු ආසාදිතයා ලෙස හඳුනාගත් කාන්තාවට රෝගය වැළඳුනේ කෙසේද යන්න සොයාගැනීමට නොහැකි වී ඇතැයි ද ඔහු පවසයි.
සීමා දීර්ඝ කිරීම හේතුවෙන් පසුගිය වසරේ ආරම්භ වූ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල සංවත්සර පා ගමනද පැවැත්වීමට නොහැකි වනු ඇතැයි පැවසේ.
ඒ සම්බන්දව අදහස් දක්වමින් හොංකොං නායක කැරී ලැම් පවසා ඇත්තේ සෞඛ්‍ය ක්‍රියාමාර්ග වලට දේශපාලන චේතනාවක් නොමැති බවයි.
හොංකොං හි කොරෝනා ආසාදිතයින් 1,094ක් වාර්තා වි ඇති අතර මරණ 4ක් සිදුවී තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හොංකොං හි දේශසීමා වසා දමයි