IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


සේවක කප්පාදුව දැනටමත් පටන් අරන්

(විනීතා එම් ගමගේ)

කොවිඞ් 19 ව්‍යසනයෙන් පීඩාවට රටම පීඩාවට පත්වීමෙන් පසු ජාතික කම්කරු උපදේශක සභාවේ දී හාම්පුතුන් ගේ වෘත්තිය සමිති හා සේවක වෘත්තිය සමිති ආයතන යළි ආරම්භ කිරීම ගැන එකඟතාවන්ට පැමිණියත් ආයතන හිමිකරුවන් විවිධ හේතු ඉදිරිපත් කරමින් සේවක කප්පාදු සිදුකරගෙන යන බව නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා ප‍්‍රකාශ කළේය.

මේ වනවිටත් බොහෝ කම්හල්වල විවිධ හේතු ඉදිරිපත් කරමින් සේවක මර්දනය ආරම්භ කර ඇතැයි ද ප‍්‍රවාහන පහසුකම් ලබා නොදීම මාරු කිරීම්,  නිසි ලෙස වැටුප් නොගෙවීම ආදී කටයුතු සිදුකරන බව ද හෙතෙම ස`දහන් කළේය.

වැටුප් ගෙවීම් එකඟතා අනුව සිදු නොකරන ආයතන විශාල සංඛ්‍යාවක් පිළිබ`දව මේ වනවිට තම සංගමය වෙත පැමිණිලි ලැබී ඇතැයි ද ඔහු කියා සිටියේය.

විශේෂයෙන් ඇඟලුම් කම්හල්වල සේවක කප්පාදුව සිදුවෙමින් පවතින බව ද හෙතෙම ස`දහන් කළේය

ජාතික කම්කරු උපදේශක සභාවේ එකඟතා කඩ කරන්නේ නම් කොන්දේසි විරහිතව වැඩ කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නට කම්කරු වෘත්තිය සමිතිවලට මේ අවස්ථාවේ සිදුවන බව ද මාකස් මහතා පැවැසීය.
 
ඇන්ටන් මාකස් මහතා මේ අදහස් පළ කළේ කොල්ලූපිටිය සී එම් යූ ශාලාවේ අද (02 ) පවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
එහි දී තවදුරටත් අදහස් දැක්වූ නිදහස් වෙළ`ද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම්වරයා මෙසේ සේවක මර්දනයේ යෙදෙන කම්හල් පිළිබ`දව සවිස්තරව ලැයිස්තුවක් ඉදිරියේ දී හෙළි කරන බව ද කියා සිටියේය
.
මෙසේ සේවක කප්පාදුව සිදුකරන හා මර්දනයේ යෙදෙන කම්හල් රජයට පවරාගෙන ක‍්‍රියාත්මක කරන ලෙසත් මේ වනවිට යුනිසෙෆ් සංවිධානයෙන් හා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශාල ඇණවුම් ලැබෙමින් ඇති  බැවින් පුහුණු ශ‍්‍රමය ඇති බැවින් සාර්ථකව කම්හල් පවත්වාගෙන යා හැකි වන බවත් ඔහු පෙන්වා දුන්නේය.
 
නිදහස් සේවක සංගමය, ලංකා වෙළ`ද කාර්මික හා පොදු කම්කරු සංගමය, එක්සත් කම්කරු සම්මේලනය හා නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාර්ස් යන වෘත්තිය සමිතිවල නියෝජිතයෝ මෙම මාධ්‍ය හමුවට සහභාගි වුහ.
 



අදහස් (4)

සේවක කප්පාදුව දැනටමත් පටන් අරන්

Dharmasiri Tuesday, 02 June 2020 01:09 PM

මුළු ලෝකයේම ඔහොම තමයි.., මම වැඩකරන රටේත් සේවකයින් අස් කරනවා. මේ වෙලාවේ කොරෝනා ප්‍රශ්නය මුල් කරගෙන. අරගල කරලා වැඩක් නැහැ. මේක පුද්ගලික ක්ෂේත්‍රය. ආයතන වැහෙනවා නම් මක් කරන්නද..?

:       115       162

Tharindu PereraTuesday, 02 June 2020 02:15 PM

තමන්ගේ වැටුපට තට්ටු නොවෙන තාක් ඇතැම් මිනිස්සු ඔය වගේ වහසිබස් දොඩනවා. සේවක කප්පාදුවෙන් වෙන්නේ ධනවාදේ තවත් අර්බුදයට පත්වෙලා.... සමාගම්වලට තියෙන වෙළඳපොළත් අහිමි වෙන එක මිසක් ඒකෙන් කිසිම වාසියක් වෙන්නේ නැහැ. පේනවනේ එහෙම කරලා ඇමරිකාවට දැන් වෙලා තියෙන දේ. කොහොමද ඒ වගේ දෙයක් අපේ රටෙත් වුණොත්.... බලයේ ඉන්න පාලකයන්ට ඇපත් නෑ. ඒ නිසා කිසිම වෙලාවක මහජනතාවට මුහුණදෙන්න වෙලා තියෙන ගැටළු සාධාරණීකරණය කරන්න හදන්න එපා...

:       63       24

NuwanWednesday, 03 June 2020 01:54 AM

සේවක කප්පාදුව වගේම වෘත්තීය සමිති අරගලත් එකලෙස භයානකයි . මොකද මේ වෙලාවෙ ඕනතරම් කම්කරු ශ්‍රමය ලබාදෙන්න ඕන තරම් රටවල් තියනවා. අපේ රට මීට වඩා ඉක්මනින් ලාභ ශ්‍රමය පදනම් වන ආයෝජන වලින් මිදිලා පුහුණු ශ්‍රමය පැත්තට යන්න ඕන. කොටින්ම ලංකාවේ කොම්පැණි ලාභ ශ්‍රමය හොයාගෙන බංග්ලාදේශයට යමින් සිටින කාලෙ මේක.

:       0       23

de silva Tuesday, 02 June 2020 07:51 PM

කොරෝනා, කොරෝනා කියකියා කිසිම සැලැස්මක් නැතුව මාස 2 1/2ක් රට වහගෙන හිටියම මෙහෙම දේවල් සිදුවෙනවා.. රටේ මුළු ආර්ථිකයම වහලා තිබෙනකොට භාණ්ඩ සහ සේවා වලට ඉල්ලුම නැති වුණාම, ව්‍යාපාර වලින් ලැබෙන අාදායම අවහිර වුණාම වැටුප් ගෙවන්න හාම්පුතුන්ට සල්ලි කෝ? කොච්චර කොරෝනා පැතිරුණත් ලෝකේ දියුණු රටවල නැවත ටිකෙන් ටික ආර්ථිකය ඇරලා තිබෙන්නේ එහි පල විපාක දන්නා නිසා...

:       1       33

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31680 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14143 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11120 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1121 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 309 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site