IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


සංචාරකයින්ට රක්ෂණ ක්‍රමයක්

(තිළිණි ද සිල්වා)

කොරෝනා වසංගතය පාලනය කර රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සියලු සංචාරකයන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එලෙස මෙරටට පැමිණෙන සංචාරකයන්ට කොවිඩ්-19 වයිරසය සදහා රක්ෂණ ආවරණයක් ද හඳුන්වාදීමට අපේක්ෂා කරන බව සංචාරක අමත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සංචාරකයන් සඳහා නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් රක්ෂණ ආයතන නියොජිතයන් සමග පැවති සාකච්ඡාවේදී ඇමතිවරයා මේ බව සදහන් කළේය. සංචාරක අමාත්‍ය කර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි අවධාරණය කළේ පුද්ගලික හා රාජ්‍ය දෙඅංශයටම ගැලපෙන පරිදි මෙම රක්ෂණ ක්‍රමය සකසන බවය.

සංචාරකයන්ට රට විවෘත කළ හැක්කේ කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසු සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව බවත් පෙන්වා දුන් ඇමතිවරයා සංචාරකයන්ට රට විවෘත කිරීමට හැකි වූ දිනයක ඔවුන් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය  ප්‍රායෝගික වැඩපිළිවෙළ සැකසීමට රජය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා සංචාරක ව්‍යාපාරයේ නිරත ලක්ෂ ගානක් පීඩාවට පත්ව සිටින අතරම කොවිඩ්-19 වසංගතය පාලනය කර රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසුව රටට සංචාරක ආකර්ෂණය ඇති කරගැනීමේ වැඩපිළිවෙළ යටතේ සංචාරකයින්ට  රක්ෂණාවරණ ලබා දීම එහි  එක් වැඩසටහනක් බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් වන ශ්‍රී ලංකාවට, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් කණ්ඩායම් වශයෙන් සංචාරකයන් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බවත්, දැනටමත් මේ පිළිබඳ විවිධ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බවද කීවේය.

අමාත්‍යංශ ලේකම් එස් හෙටිටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරයේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මිකා විජේරත්න සහ රාජ්‍ය හා පෞද්ගලික රක්ෂණ සමාගම් ප්‍රධානීහු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්වූහ.



අදහස් (7)

සංචාරකයින්ට රක්ෂණ ක්‍රමයක්

mohomed Wednesday, 21 October 2020 08:52 AM

බොරු කයිවාරු නොකර ඉස්සර කොරෝනා පාලනය කරන්නේ, ඊට පස්සේ සංචාරකයන්ගේ රක්ෂණය ගැන කතාකරන්න පුළුවන් වැඩ නෑ කට විතරයි.

:       0       0

puppa Thursday, 22 October 2020 12:23 AM

ටෙලිෆෝන් එකෙන් ඉල්ලපු ලක්ෂ 900 හම්බුනාද.?

:       1       9

sk Thursday, 22 October 2020 02:06 AM

මෙයාගේ කතාව විතරයි. සංචාරක කර්මාන්තයේ දහස් ගණනකට රැකියා නැහැ.

:       0       10

sidira Thursday, 22 October 2020 02:07 AM

මුලින්ම ගුවන්තොටුපොළ පටන්ගන්න දවසක් ගැන කතාකරන්නකෝ සංචාරකයෝ එන්න.?

:       0       9

de silva Saturday, 24 October 2020 03:11 PM

මොහුට කිසිම පැහැදිලි වැඩසටහනක් නැහැ. නිකම් හිතට එන එන ඩීල් මාධ්‍යවලට ප්‍රකාශ කරනවා. සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්න නම් පැමිණීමෙ පර්යන්තයේදී කෝවිඩ් පරීක්ෂණයක් කර සංචාරකයා දින 02ක් පමණ නිරෝධායන හෝටලයක නවත්වා නැවත කෝවිඩ් පරීක්ෂණයක් කර ඔහුට නෙගටිව් නම් ඔහුට රටෙ සංචාරය කරන්නට ඉඩදිය යුතුය. දැන් පවසන විදිහට දින 14 රජයේ අනුමත නිරෝධායන හෝටලයක නිරෝධායනය වෙලා නැවත තව දින 14ක් ස්වයං නිරෝධායනය වෙන්න කිසිම සංචාරකයෙක් කැමැති වෙන්නේ නැහැ. දෙන විසදුමක් සංචාරක වාරය ඇරඹෙන දෙසැම්බර් මාසයට පෙර දෙන්න.

:       0       5

WCA Tuesday, 27 October 2020 04:45 AM

මෙයා කියන විදියට මෙච්චරකල් නිකන් පෝලිම් වල ඉදලා සුද්දෝ අපේ රටට ආව වගේ තමයි කතාව. මාර පෝලිමක් ඇති නේද?

:       0       1

Sk Monday, 02 November 2020 06:31 AM

මෙයාගේ කතාව විතරයි. කිසිම වැඩක් සිද්ධ වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2409 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1285 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2922 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1060 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 848 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 548 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1376 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 352 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site