
ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් අද (05) සිංගප්පුරුවේ ටීම්සෙක් නැමැති පදනම විසින් රුපියල් මිලියන 80 ක් වටිනා වෙන්ටිලේටර් 50 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලදි.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම ප්‍රදානය ලබාදෙන ලද්දේ මෙරට මෙඩි ටෙක්නොලොජි හෝල්ඩින්ග්ස් පෞද්ගලික ආයතනයේ අධ්‍යක්ෂ කපිල ගීගනගේ මහතා විසිනි.
මෙම පරිත්‍යාගය ලබාගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී කියා සිටියේ කොවිඩ් වෛරසය ආසාදිතව ස්වසන අපහසුතාවයන්ට ලක්වන රෝගින් වෙත කෘත්‍රීම ස්වසනය ලබාදීම සදහා වෙන්ටිලේටර් යන්ත්‍ර අත්‍යාවශ්‍ය වන බවත්, එම යන්ත්‍ර ලබාදීමට කටයුතු කිරීමට පිළිබද ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය ස්තූතිය පුද කරන බවත්ය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ වෙලාවෙ ලංකාවට මුදල් දෙනවට වඩා හොදයි මෙම උපකරණ ලබාදෙන එක...
මෙ ඡායාරූපයේ තියෙන වෙන්ටිලේටරයක මිල අන්තර්ජාලයේ ඩොලර් දහසකටත් අඩුයි. එකක් රුපියල් ලක්ෂ 2 බැගින් වුණත් 50ට වෙන්නේ රුපියල් ලක්ෂ 100යි. නැතිනම් මිලියන 10යි. පදනම් කාරයෝ නැතිනම් මෙහෙ පුද්ගලික සමාගම සිංගප්පූරු ආණ්ඩුවෙ මිලියන 70කටම විදලා වගේ. ඒ මදිවට මෙ දවස්වල සේල් දාලා අන්තර්ජාලයේ ඒ යන්ත්‍ර විකුණනනේ ඩොලර් 750 ට...
පවිත්‍රාට බනින අයට අපි විරුද්ධයි ... අයා අපේ දෙයියෝ..
අන්තිමට කාගේ කාගෙන් හරි... පිහිට වීම පමණයි. දැනට ඉතිරිවී ඇත්තේ 1948 නිදහසින් පසුව පිල් මාරු දේශපාලනයෙන් අපිට දායාද කලේ ලෝකේ වටෙ හිගමන් යැදීම පමණයි. දැන් ඉතින් චීනාට නෙවෙයි සයිබීරියාවට තමයි මෙක විකුණන්න වෙන්නේ නුඹලා 225 පෝෂණය කරන්ඩ.
දේවි අපිට, අපි දේවිට
කිසිදාක ඔය රට නම් දියුණු කරන්න බැරි රටක් ... කවුරු බලයට ආවත්. රටවල් වලින් හිඟාකන එකේ අඩුවක් නැහැ. වැඩිවීමක් මිසක...
ඒ දවස්වල සිංගප්පූරුවක් තිබුණා නම් විහාර මහා දේවිට මුහුදට බිලිදෙන්න නැතිවෙන්න තිබුණා.