


ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් පාසල්වලට බදවා ගැනීමේ කඩයිම් ලකුණු පහත දමන ලෙස රජයට බලකරමින් පාසල් සුරැකීමේ ජනතා ව්‍යපාරය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද( 21) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනීසිටි සිසුන්ගේ මව්පියෝ විශාල පිරිසක් සහභාගී වි සිටියහ.
(ඡායාරූප- ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩ ඉම් ලකුණු දමා තිබෙන්නේ පාසල්වලට ළමුන්ට තිබෙන ඉඩ ප්‍රමාණය අනුවයි. ඒකට උද්ඝෝෂණ තියලා වැඩක් නෑ. තේරුම් ගත යුත්තේ මෙවර විශාල සිසුන් ප්‍රමාණයක් සමත් වී තිබෙන බවයි..
කිසිදු මනෝ විද්‍යාත්මක පදනමක් නැති, විකෘති, දරුවන් ඉච්ඡා භංගත්වයට පත් කරන මෙවැනි දේවල් අහෝසි කරන්න. විද්‍යාත්මකව සිසුන් සොයා ඔවුන්ට ශිෂ්‍යත්ව දී ජාතියේ උන්නතියට එම දක්ෂයින්ගේ සහාය ලබා ගන්න.
පාසල් සුරකින්න නම් ශිෂ්‍යත්ව විභාගයම අහෝසි කරන්න වෙයි.
ජවිපෙ අකුරුමයි.
ඒ ඒ වසරවල ළමුන් ගන්න ලකුණු ප්‍රමාණය අනුව පාසල් වලට ගන්න කඩයිම් ලකුණු ප්‍රමාණය වෙනස් වෙනවා. මෙය තේරුම් අරගෙන තණකොළ ටිකක් කාලා, පුන්නක්කු ටිකක් බීලා ගෙදර යන්න...
සිදුවන්න ඇත්තේ ගියවර ලකුණු පත්‍රිකාවට මෙවර ඉල්ලුම්පත් දැමීම නිසා මේ ගැටලුව වී ඇත්තේ... නොසිතූ අයුරින් ගමේ පාසල් වලට නොදා කොළඹ ඉහළ පාසල්වලට දැමීම නිසා ගොඩක් දරුවන්ට පාසල් අහිමිවිය ඇත.