කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතා කරන විෂබීජ නාශක දියර වර්ගයක් පානය කිරීමෙන් රුසියාවේ යකුටියා කලාපයේ 7දෙනෙකු මියගොස් තිබේ.
රෝහල්ගත කළ තවත් දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.
ටැටින්ස්කි දිස්ත්‍රික්කයේ ටොම්ටර් ගම්මානයේ පැවති සාදයකදී මත්පැන් වෙනුවට මෙම දියර පානය කිරීම හේතුවෙන් එම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි. මියගිය අය අතර කාන්තාවක් ද සිටියි.
සාදයට ගෙනවිත් තිබූ මත්පැන් අවසන් වීමෙන් පසු ඒ වෙනුවට සනීපාරක්ෂක දියර පානය කර ඇතැයි පැවසේ.
එම සනීපාරක්ෂක දියර වර්ගය නිෂ්පාදනයේදී මෙතනෝල් 69%ක් යොදාගෙන ඇති බවද පොලිසිය සිදුකළ මූලික විමර්ශනයේදී හෙළවී තිබේ.
සිද්ධිය සම්බන්දව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.
විෂබීජනාශක දියර පානය නොකරන ලෙස සෞඛ්‍ය බලධාරීන් ප්‍රදේශවාසීන්ට අනතුරු අඟවා තිබේ.
ඩේලි මේල් ඇසුරිණි
085
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
විෂබීජනාශක දියර බී රුසියාවේ 7 ක් මරු දකිති