IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වැලිගම සංචාරක නිකේතන විවෘත කරයි

(සුමතිපාල දීයගහගේ)

වැලිගම ප්‍රාදේශීය සභාබල ප්‍රදේශය තුල පිහිටි සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි සංචාරක නිකේතන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව අද ( 1) සිට නැවත විවෘත කළ බව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා පවසයි.
 
වැලිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මිදිගම සිට කඹුරුගමුව දක්වා පිහිටි සංචාරක නිකේතන නැවත මෙසේ විවෘත කර ඇත.
 
එම බල ප්‍රදේශය තුල සංචාරක නිකේතන හාර 400 ක් පමන ක්‍රියාත්මකවන නමුත් සංචාරක මණ්ඩලයේ ලියාපදිංචිවී ඇත්තේ විසි හයක් බවද ඒ මහතා පැවසිය. මේ අතර සෞඛ්‍ය ක්‍රමවේදයන්ට යටත්ව ඉතිරි සංචාරක නිකේතනද පියවරෙන් පියවර විවෘත කිරිමට බලපොරොත්තුවන බවද පුෂ්පකුමාර මහතා වැඩි දුරටත් සදහන් කළේය.
 
මෙම සංචාරක නිකේතනවලින් වැඩි ප්‍රමාණයක් මිරිස්ස ප්‍රදේශයේ පිහිටා ඇත.



අදහස් (2)

වැලිගම සංචාරක නිකේතන විවෘත කරයි

de silva Monday, 01 June 2020 12:21 PM

සංචාරකයෙකුට තබා ශ්‍රී ලංකික පුරවැසියකුටවත් ලංකාවට එන්න බැරි, විටින් විට ඇඳිරි නීතිය දමන, බස් එකක, කෝච්චියක නැගලා ගමනක් බිමනක් යන්න බැරි මේ අවස්ථාවේ සංචාරක හෝටල් විවෘත කරන්න තරම් ඒවගේ අයිතිකාරයින් මෝඩද? මොලයක් තිබෙන මනුස්සයෙක් ඔය ටුවරිස්ට් බෝර්ඩ් එකේ ලියාපදිංචි වෙන්නේ නැහැ.. එ්කට හේතුව ලියාපදිංචි වුණාට පස්සේ එ්කේ වැඩ කරන දුෂිත නිලධාරීන්ට පගාව, නොමිලයේ කෑම මත්පැන් දීලා ඉවරයක් නැහැ.. හරියට කොටි වලිගේ අල්ලා ගත්තා වගේ.... 26 දෙනෙකු පමණක් ලියාපදිංචි වෙන්නත් ඉතුරු 374 දෙනාම ලියාපදිංචි නොවුනෙත් මේ හේතුව නිසා... ඔය සංචාරක මණ්ඩලෙන් ලංකාවේ සංචාරක ව්‍යාපාරයට අගතියක් මිස සුගතියක් නැත... කරුණාකරලා ඕක වහලා දමන්න.

:       1       268

de silva Wednesday, 03 June 2020 09:06 AM

ටුවරිස්ට් බෝර්ඩ් එකත් අර විදේශ රැකියා නියුක්ති කාර්යාංශය වගේ එකක්, විදේශ රැකියාවලට රට යන පුද්ගලයන් ගුවන්තොටුපලේදී පරික්ෂා කරමින් ලියාපදිංචි කරගනිමින් රක්ෂණ මුදල් ගන්න එක නම් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින් කරනවා.. නමුත් ඔවුන් අතරමන් වෙලා ඉන්න මේ අවස්ථාවේ ඔවුන්ව ලංකාවට ගෙනත් ජීවිත බේරා ගැනීමට සැලකිය යුතු දෙයක් කරන්නේ නැහැ... ටුවරිස්ට් බෝර්ඩ් එකත් එහෙම තමයි. සංචාරක කර්මාන්තය වැටිලා තිබෙන පහුගිය මාස 2-3 ඔවුන් කිසිම සද්දයක් නැහැ ඉන්නවද, මලාද කියලවත් නැහැ... නමුත් දෙසැම්බර් මාසේ විතර නැවත සංචාරක ව්‍යාපාරය පණගහලා අාවොත් දුවගෙන ඒවි , 2019 බෝම්බ ප්‍රහාරයෙන් පසුත් මේ ටුවරිස්ට් බෝර්ඩ් එක වැඩකලේ මේ න්‍යායටම තමයි.. දැන් කරන්නෙත් ඒක. ඔකේ ඉන්න දුෂිත නිලධාරින්ට අල්ලස් වශයෙන් මුදල් කෑම බිම එහෙම දෙන්න එපා... ටුවරිස්ට් බෝර්ඩ් එකත් අර විදේශ රැකියා නියුක්ති කාර්යාංශය වගේ එකක් , විදේශ රැකියාවලට රට යන පුද්ගලයන් ගුවන්තොටුපලේදී පරික්ෂ කරමින් ලියාපදිංචි කරගනිමින් රක්ෂණ මුදල් ගන්න එක නම් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින් කරනවා ,නමුත් ඔවුන් අතරමන් වෙලා ඉන්න මේ අවස්ථවේ ඔවුන්ව ලංකාවට ගෙනත් ජිවිත බෙර ගැනීමට සැලකිය යුතු දෙයක් කරන්නේ නැහැ , ටුවරිස්ට් බෝර්ඩ් එකත් එහෙම තමා , සංචාරක කර්මාන්තය වැටිලා තිබෙන පහුගිය මාස 2-3 ඔවුන් කිසිම සද්දයක් නැහැ ඉන්නවද මලාද කියලවත් නැහැ , නමුත් දෙසැම්බර් මාසේ විතර නැවත සංචාරක වියාපාරය පණගහල අවොත් දුවගෙන ඒවි , 2019 බෝම්බ ප්‍රහාරයෙන් පසුත් මේ ටුවරිස්ට් බෝර්ඩ් එක වැඩකලේ මේ න්‍යයටම තමා , දැන් කරන්නෙත් ඒක. ඔකේ ඉන්න දුෂිත නිලධරීන්ට අල්ලස් වශයෙන් මුදල් කෑම බිම එහෙම දෙන්න එපා , අල්ලස් ඉල්ලුවොත් දැනුවත් කරන්න.

:       0       76

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 739 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site