(තිළිණි ද සිල්වා)
යුරෝපා රටවල නැවතත් පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එම වයිරසය ආසාදනය වීමෙන් ඉතාලියේ සහ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම රටවල තානාපති ආරංචි මාර්ග කියා සිටී.
මියගොස් ඇත්තේ ඉතාලියේ මිලාන් නගරයේ පදිංචි ලාංකික පිරිමි පුද්ගලයෙකු හා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර වාසය කළ ලාංකික කතුන් දෙදෙනෙකි.කොරෝනා වයිරසය ආසාදන වීමෙන් පසුව මොවුන් තිදෙනා රෝහල් ගතව ප්‍රතිකාර ලබා සිටියදී ඇතිවූ සංකූලතා මත මොවුන් තිදෙනා පසුගිය සති අන්තයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සීටී.
මිලාන්හි දී මියගිය ලාංකිකයා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි , වසර කීපයක සිට තම පවුලේ සමාජිකයන් සමග ඉතාලියේ ජිවත් වු ශ්‍රීලාල් හේරත් නැමැති 56 හැවිරිදි විශ්‍රාමික හමුදා නිලධාරියෙකි.
මිලාන් හීදී මියගිය ලාංකිකයාගේ පවුලේ සාමාජිකයන්ව මේ වන විට නිවස තුළම නිරෝධායනට ලක් කර ඇති බවත් ඔහුගේ අවසන් කටයුතු නිරෝධායන නීතියට අනුකූලුව සිදු කිරිමට මිලාන් නගර සභා සෞඛ්‍ය කාර්යාලය පියවර ගැණිනි.
ඉතාලියේ දෙවන කොවිඩ් රැල්ලත් සමග වැඩිම ආසාදිතයන් වාර්තා වන ලොම්බාර්දියා ප්‍රාන්තයට අයත් මිලාන් නගරය ආශ්‍රිතව ජීවත් වන ලාංකිකයන් රැසකට කොවිඩ් ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබෙමින් තිබෙන බවත් ඔවුන්ගේ සුභ සාධන කටයුතු වෙනුවෙන් හැකි ආකාරයෙන් සොයා බලමින් තිබෙන බව කොන්සල් ජනරල් කාර්යාලය මේ සම්බන්ධයෙන් විමසිමේදී වැඩිදුරටත් පැවසීය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
විදෙස්ගත ලාංකිකයෝ තිදෙනෙක් කොරෝනාවෙන් මියයති
ජනිත කුෂාන් Monday, 02 November 2020 02:22 PM
හැබැයි මෙහෙ ගේන්න නම් එපා රට ඉන්න ඈයෝ.. ඊට පස්සේ එයාලා කොරෝනා අරන් මෙහෙ ආවහම මෙහෙ තියන ඉස්පිරිතාල ටික පිරුණාම ලංකාවෙන් අහුවෙන අය මුහුදට දාන්න තමයි වෙන්නේ.. කිසිම කෙනෙක් බලෙන් රට යැව්වේ නෑනේ.. රට ගියා නම් ගිය රටක කොරෝනා ඉවරයක් වෙනකම් ඉන්නනේ තියෙන්නේ.. විශේෂයෙන් මැදපෙරදිග ඉන්නවා 50000ක් විතර එන්න.. ආවොත් රටම ඉවරයි.. කිසිම කෙනෙක් කොරෝනා ඉවරයක් වෙනකම් ගෙන්වන්න එපා.. ඉන්න රටක ඉන්න අරින්න.. කොරෝනා ඉවරයක් වෙනකම් ගුවන් තොටුපළ වහලා කිසිම කෙනෙක් රට ඇතුළට ගන්න එපා.. සුලු පිරිසක් නිසා මුලු රටටම දුක් විඳින්න බෑ.. ඒ අය ඉන්න රටවල රස්සාවල් නෑ.. කන්න නෑ කිව්වට මෙහෙ ඉන්න අහිංසක මිනිස්සු ඒකට පලි නෑ.. අනික හැමෝම කියන්නේ විදේශ විනිමය ගේන්න ගිය රට විරුවන් කියලනේ.. හැමෝම එහෙනම් විදේශ විනිමය හොයලා ආණ්ඩුවේ ගිණුමට වෙන්න ඇති සල්ලි එවන්න ඇත්තේ...
Ishan Monday, 02 November 2020 06:36 PM
කොරෝනා වෙලාවේ හැදිච්ච අය ගැන එම්බසියෙන් හොයලා බලනවාලු. අපි ඉන්න තැනක එඩ්‍රස් එකක්වත් නැතුව හොයලා බලන විදිහ දන්න කෙනෙක් කියනවද? මැරිලා සතියකට පස්සේ ෆේස් බුක් එකෙන් බලලා ගාන අප්ඩේට් නම් කරනවා ඇති...