(නිමල කොඩිතුවක්කු)
වත්මන් ආණ්ඩුවට ජනාධිපතිවරණයට පෙර රට විරුවන් වූ විදෙස් ශ්‍රමිකයන් ජනාධිපතිවරණයෙන් පසු කොරෝනා බෝම්බ බවට පත්වූ බව හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹදී පැවසුවාය.
රටට වැඩිම විදෙස් විනිමයක් ලබාදෙන විදෙස් ශ්‍රාමිකයන්ගෙන් ප්‍රයෝජන ගෙන ඔවුන් වුයිංගම් එකක් වගේ හපකර විසිකර දැමීම පිළිබඳ කණගාටු වන බවද ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.
සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේද කීවාය.
“කොරෝනා වසංරැතයත් එක්ක මැදපෙරදිග ශ්‍රමිකයන් මේ වනවිට බරපතල ප්‍රශ්නයකට මුහුන දෙමින් සිටිනවා. ඔවුන් මේ පිළිබඳව විටින් විට දැනුම් දෙනවා. අපිට වැඩිම විනිමයක් ලබාදෙන මේ අම්මලා විදින දහදුක් පිළිබඳ අපි ලැජ්ජ විය යුතුයි.
කොරෝනා වසංගතයත් එක්ක මේ ශ්‍රමිකයන්ට ටිකට් දීලා මේ අය ගෙන්න ගන්න කියලා කුවේට් රජය දැනුම් දුන්නා. අපිට තිබුනේ ගෙන්න ගන්න විතරයි. අපේ රජය ඒක තුට්ටුවකට මායිං කළේ නැහැ.
ඒකේ ප්‍රථිපලයක් විදියට දැන් ඒ අයට ඉන්න තැනක් නැහැ. කන්න නැහැ. ගැබිනි මව්වරුන් විශාල පිරිසක් එතන ඉන්නවා. මේ වනවිට ගැබිනිමව්වරුන් දෙදෙනෙක්ගේ ළමයින් ඉපදුන ගමන් මියගිහින් තියෙනවා.
මේ පිරිස පාරේ විවිධ තැන්වල අන්ත අසරණ වෙලා රැඳී සිටිනවා. මේ අය ගෙන්වලා දෙන්න කියලා ඒ අයගේ ඥාතීන් පවා රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ අය ගෙනාවට පස්සේ නිරෝධායනය කරන්න ඕන තරම් තැන් තියෙනවා. 2015 ට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉදිකළ ගොඩනැගිලි වල ඕනතරම් ඉඩ තියෙනවා. කරුණාකරලා මේ අය ලංකාවට ගෙන්න ගන්න කියන ඉල්ලිම අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
ඡන්දෙකාලේ වෙනකොට මේ විදෙස්ගත ශ්‍රාමිකයන් රට විරුවන් කියලා ලංකාවට ගෙන්වා ගත්තා. ඒ අයගේ පවුල්වල පවා ඡන්දය ලබාගත්තා. ඒ ඔක්කොම කියලා දැන් ඒ ජනතාව කොරෝනා බෝම්බ බවට පත්වෙලා තියෙනවා. මේ අයගෙන් ප්‍රයෝජන ගෙන චුයිංගම් එකක් හපලා හපලා විසිකරනවා වගේ මේ මිනිස්සු පැත්තකට දාලා තියෙනවා. මේක හරිම කණගාටුදායක තත්ත්වයක්.
ඡන්දෙ ලංවෙනකොට දැං ආන්ඩුවේ එක එක සංදර් ශණ පවත්වනවා. ජනාධිපතිවරයා මහබැංකු නිලධාරීන්ට ගොඩක් සැරෙන් කතා කරලා තිබෙනවා.
නිලධාරින්ටත් වඩා එතුමන් ඒ කෑ ගැහුවේ තමන්ගේ සහෝදරයටද කියලා මට හිතෙනවා. මොකද සහෝදරයා තමයි මුදල් ඇමතිවරයා විදියට කටයුතු කරන්නේ.
මේ ආණ්ඩුවේ වැරදි තීරණ නිසයි මේ දේ වුනේ. ආණ්ඩුව ගත්ත ගමන් බදු සහන කියලා ආණ්ඩුවේ බදු ආදායම අහිමි කරගත්තා. මේ ආණ්ඩුව පත්වුණ දවසේ ඉදන් මූල්‍ය කළමනාකරනයේ ගැටලු තිබුණා. ඒකට මේ නිලධාරින්ගේ ඔලුව කාලා වැඩක් නැහැ.
ජනාධිපතිවරයා ආර්.එම්.වි එකට ගියා. හාල් කඩවලට ගිහින් හාල්මිල බැලුවා. එහෙම ගියා කියලා කෑ ගැහුවා කියලා වෙනසක් වුනේ නැහැ. හාල් මාෆියාව ඒ විදියට ක්‍රියාත්මක වෙනවා. ඔක්කොම නිරෝධායන නීති කඩලා තොන්ඩමන්ගේ මල ගෙදර මුලු රට වටේම ගෙනිච්චා. එතකොට මේ සද්ද තිබුනේ නැහැ. මේ ඔක්කොම සද්ද පොඩි මිනිස්සුන්ට විතරයි.
පොඩි සද්දයක් දාලා පොහොට්ටුවේ කැම්පේන් එක පටන් ගත්තා. දැන් ෆේස්බුක් එකේ යනවා කොන්ද පණ තියෙන නායකයලු. මහබැංකුව ලයිට් දාන් වැඩලු. ඔය සෙල්ලම අපි මීට අවුරුදු තුන හතරකට පෙරත් දැක්කා.
සිරිසේන මහත්තයත් කඹ ගෙනාවා. විවිධ ප්‍රකාශ කළා. අලුත් පක්ෂයක් හැදුවොත් පාරේ අවිද්දනවා කිව්වා. අන්තිමට ඒ පක්ෂයෙන්ම එතුමන්ට ඡන්දෙ ඉල්ලන්න වුණා. වෙනසකට තියෙන්නේ එයා සිරිසේන මෙයා නන්දසේන.
අපි කියන මේ දේවල් මාධ්‍යයේ යන්නේ නැහැ. දැන් ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් දෙන මාධ්‍ය හැදුනුම්පත රාජය අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ ලබාදෙන්න පටන් ගෙන තිබෙනවා. ආණ්ඩුවට කඬේ යන අයට හැර අනිත් අයට ජනමාධ්‍ය හැදුන්ම් පත ලබානොදෙන්නයි මේ හදන්නේ. මෙතනම පැහැදිලියි මේ ආණ්ඩුව ගෙනියන මාධ්‍ය මර්ධනය.
අද යලිත් රට පුරා භීෂණය පැතිරෙනවා. කෝ දෙනවා කියපු නීති ගරුක රට කියලා අපි අහනවා. දැන් මේ ආණ්ඩුවේ බොරුව රටට හෙළිවි ඉවරයි. අපි ඉක්මනින් ජනතාවාදි ආණ්ඩුවක් පත්කරගත යුතුයි” යනුවෙන්ද ඇය එහිදී පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා කරන්නෙම අංගොඩින් පැනපු ගානටනේ...
ජනතා ආණ්ඩුව කියලා ආයෙත් ඔහේලට දෙන්න කියලද කියන්නේ?
මෙයා මෙච්චර කාලයක් ආණ්ඩුවේ ඉඳලා මිනිස්සුන්ට කරපු දෙයක් කියන්න.. කිසිම දෙයක් නෑ.. දැන් කියන්න දෙයක් නැතුව දුක විකුණගෙන කන්න එනවා. මෙයාගෙ කෙරුවාව හඬපට වලින් රටම දැනගත්තා...
ඩිෆෙන්ඩර් එකේ නඩුවට සිතාසි එනකොට වෙන කතා මතක් වුණාද?
අම්මෝ ඔව් ඔයාට අමතක වෙලාද දන්නේ නැහැ පහුගිය අවුරුදු 5ත් අපි ජීවත් වුනේ තමුන්ලා ආණ්ඩු කරනකොට තමයි. පුදුම ලස්සන රටක්නේ තිබ්බේ... තමුන්ලා හිටියා නම් අද මේ රට මේ වෙනකොට විශාලා මහනුවරක් වෙලා.. මිනී කඳු ගොඩ ගැහිලා එහෙනම්... මේ යන විදිහ අපිට නම් හොඳයි මෙච්චර ලොකු වසංගතයක් එක්ක මේ කරපු දේවල් තමුන්ලාට අවුරුදු 5ක් ඉඳලත් කරගන්න බැරි වුණා.. කරුණාකරලා ආපහු පැහැරගන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවා නම් ඒක තමයි ලොකුම යහපත...
මහින්දානන්ද... වචාලකමට එහෙම කිව්වට... ඒ කතාවෙත් ඇත්තක් තියෙනවනේ.. ඒක ඒතරම්ම හිතලා කිව්ව කතාවක් නෙවෙයි.. මමත් ඉන්නේ පිටරටක තමයි.. එහෙම කියලා... රට ඉන්න ඔක්කොම එකපාරටම ආපුවාම කොහෙද දාන්නේ...? නමුත් වගකිව යුතු අය හැටියට මේවා ජනතාවට කියන ක්‍රමයක් තියෙනවා. මේ නෝනා මේ කරන්නෙ බොරදියේ මාළු බාන්න.. අපි නොදන්නා මොනරතැන්න.
මෙයාගේ කට ඇරපුවහම ඔලුව වැහෙනවා. මුලදී ලැජ්ජාවට ඉඳලා දැන් ඒක බිමින් තියලා නිකං ෆෝම් වෙලා. අපරාදේ අපේ කාලය මේ දේවල්වලට වැකියක් ලියලා හරි සම්බන්ධ වෙනුවට...
'මහ බැංකුව සම්ප්‍රදායෙන් මිදී යථාවත් විය යුතුයි.' එයයි ජනාධිපතිතුමාගේ වුවමනාව. එතුමාගේ අදහස, ජනතාව වන අප හැමෝටම තේරෙනවා. මුදල් ඇමති භාරකාර රජයේ කෙනෙක්.. ජනතාව වඩාත් බුද්ධිමත්. 'වෙන්නේ මොනවද කියා බලා සිටීමට වඩා කළයුතු දෑ පිළිබඳව කතා කරණ නායකයෙක් ලැබීම' රටකට අගනා දෙයකි.
අද ලංකාවේ පාර්ලිමේන්තුව ඉතාම පහත් තත්ත්වයකට වැටී ඇත්තේ මොලයක් ආසාවකටවත් නොමැති අය තෝරා යැවීම නිසයි. දුරකථන සංවාදවලදී බණිමින් ලැජ්ජාවක් ගෑවිලාවත් නැති උන්දැලා නිසා ඡන්දය දුන් අපිටත් පාරෙ බහින්න බැරි මට්ටමකට දැන් ඇවිත් නොවැ. ඒක නිසා මඩු වලිගෙන් ගහන්න වටින්නේ අපිටමයි.
මොකුත්ම කියන්න දෙයක් නැහැ. බලන්න අපේ හැදියාව... අපි කාටවත් හූ කියනවද?
අන්න උසාවියෙන් හොයනෝ....
දැන් ලංකාවේ කොරොනා ඉවරවෙලා වගේ අද ඉඳලා කෘෂිකර්ම අපනයන ආයතනයේ මාණ්ඩලික නිලධාරින්ගේ හා එහි ප්‍රධානියාගේ අවශ්‍යතා අනුව ලබන සඳුදා සිට සියලු දෙනා පෙර පරිදි සේවය වාර්තා කළ යුතුයි.. යනුවෙන් ලිපියක් නිකුත් කර ඇත. මෙහි සේවකයින් 500ට වඩා ඇත. මේවා දේ්ශපාලන වුවමනා වෙනුවෙන් ඡන්දය වෙනුවෙන් ගන්න තීරණද? නැතහොත් සැබවින්ම ආයතනික අවශ්‍යතා වෙනුවෙන් ගන්න තීර්ණදැයි නොදනි. රාජ්‍ය සේවා කොමිසම් සභාවෙන් චක්‍රලේඛන නොමැතිව මෙලෙස කළ හැකිය. ඡන්ද ලබාගෙන මිනිස්සු අනතුරේ දමන්න එපා. මට හිතෙන්නේ ඡන්දය නිසා දැන් කොරෝනා රෝගින් හම්බ වුණත් මේ අය කියන්නේ නැහැ. එහෙම පාලකයින් ඉන්න බව අමතක කරන්න එපා.
අනේ බයිලා ගහන්නේ නැතිව දවස් 14 ඇතුලේ ඉඳලා එන්න.
මෙයාව බලෙන් රත්මලානට පාත්කලේ.., දෙමටගොඩ කුණුකන්ද කඩා වැටුණාම ඇඳ යට මාසයක් හැන්ගිලා හිටියා. නිකන් චා වෙලා යන එන මන් නැතුව මේ දවස්වල වැඩියෙන් හිස් දේවල් දොඩනවා.
දැන් නම් මෙයාගෙ මොලේ හොඳටම කචල් කියලා ඔක්කොම කියනවා...