IMG-LOGO

’මාළු කන්න බය වෙන්න එපා’

පෑලියගොඩ මාළු වෙළඳසැල ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා ආසාදිතයන් පොකුර හේතුවෙන්, මාළු ආහාරයට ගැනීමට බියක් දැක්විය යුතු නැතැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

වෙළඳසැල්වල ආහාර මිලදීගැනීමෙන්,  ආහාර පාර්සල් අත දරා සිටීමෙන්, අතපත ගෑමෙන් පසු සහ ආහාර පිළියෙල කිරීමට සහ ආහාර ගැනීමට පෙර තත්පර 20ක් සබන් යොදා හොඳින් අත් සෝදාගැනීම වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

කොරෝනා වයිරසයට  විවිධ පෘෂ්ඨ මත පැය ගණනක කාලයක් රඳාපැවතිය හැකි බවද, මාළුවකු මතුපිට වයිරසයට රඳා පැවතිය හැකි කාලය කොතරම්ද යන්න තවම හඳුනාගෙන නොමැති බවද ඒ මහතා පැවසීය.

''මාළු පිසීමට පෙර සෑමවිටදී ම, සබන් යොදා දෑත් සෝදා පිරිසිදු කරගත යුතුයි. දෑත් නොසෝදා ඇස්, මුඛය හෝ නාසය ඇල්ලීම නොකළ යුතුයි.

මාළු මත කොරෝනා වයිරසය පැතිර තිබු අවස්ථාව වුවත්, සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ උපදෙස් පිළිපැදීමෙන්, එය ව්‍යාප්තවීම අඩුකරගැනීමට පුලුවන්'' යැයිද වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

(16844)



අදහස් (2)

’මාළු කන්න බය වෙන්න එපා’

siri Thursday, 22 October 2020 12:13 PM

මාළු කන්න නම් කිසි බයක් නැහැ ඇමතිතුමෝ... අවුල තියෙන්නේ ඔහෙලගේ වැඩ නිසා අපේ "ඇඟේ මාළු නටන" එකයි. ළඟදී පක්ෂ නායකකමත් ලැබෙන්න යනවාලු නේද?

:       0       0

Rohana Thursday, 22 October 2020 12:28 PM

මෙම රෝගය මෙතරම් දුරට ව්‍යාප්තවීමට ඉඩහැරීම පිළිබඳව පෙරකී ඇඟලුම් ආයතනය සම්පූර්ණයෙන් වගකිවයුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 119 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 385 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site