(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඇසළ පෙරහැර සඳහා කතරගම දේවාලය නියෝජනය කරමින් සහභාගි වූ නැටුම් කණ්ඩායමක සිටි කලාකරුවන් 76 දෙනකුට සිදුකළ ඇන්ට්ජන් පරීක්ෂාවකදී එහි සිටි කලාකරුවන් 45 දෙනකුට කෝවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි තිබෙන බව සෞඛ්‍ය වෛද්‍ය අංශ තහවුරු කරයි .
හතරවැනි රන්දෝලි පෙරහර නිමාවීමත් සමඟ මෙම කලාකරුවන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කොට ඇති අතර එම අවස්ථාවේදී මෙම ආසාදිතයන් පිරිස හඳුනාගැනීමෙන් අනතුරුව ඔවුන් පෙරහැර මංගල්‍යයෙන් ඉවත් කොට ඔවුන්ගේ ආශ්‍රිතයන් ද නිරෝධායන ලක් කිරීමට පියවර ගෙන තිබේ .
මහනුවර ජාතික රෝහල සහ මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශය විසින් පෙරහර මංගල්‍යයට සහභාගී වන කලාකරුවන් දෛනිකව ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කරනු ලබයි .
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මහනුවර පෙරහරට ආ කලාකරුවන් 45කට කොරෝනා
gagana Sunday, 22 August 2021 12:59 PM
දැන් රට වහන්න කියපු මහානායකයින් වහන්සේලා මොකද කියන්නේ? ලැජ්ජයි...
Jcn Sunday, 22 August 2021 01:02 PM
දළදා වහන්සේගේ ආශිර්වාදය නෙ මිනිස්සුන්ට ඕන කලේ.. ඔය ලැබුණෙ..
සෙනෙවිරත්න Sunday, 22 August 2021 01:18 PM
දළදා සමිදු පිහිටක් නැද්ද මේ අසරනයන්ට? වසරකට වරක් මුදලක් ලැබෙන අවස්ථාවත් අහිමි කරන්නෙ?
Ranjit Sunday, 22 August 2021 01:19 PM
මෙච්චර අවදානම් තත්වයක් තියෙද්දී පෙරහැර පවත්වන්නට හේතුව අර අනුරාධපුර පැත්තේ අතේ රතුනුල් ගැටගහන අමුතු ජාතියේ භූත විධ්යාඥයෙක් දුන්න අණක් කියලයි දැන් කතාවෙන්නේ. "පෙරහැර නොකලොත් වස් වදිනවා. රටේ බලවත්ම කෙනාට ඒ වස් වලට බිලිවෙන්න වෙනවා" කියලලු කීවේ. දැන් ඉතින් පෙරහැර කරන්න ගිහින් වසංගතයට බිලි උන අයට එයාගෙන්ම තමා බෙහෙත් ගන්න වෙන්නේ. අන්ධ භක්තියෙන් පෙලෙන මිනිස්සු බලයේ ඉන්නකල් මේ රට ගොඩගන්න එකනම් ලේසි වෙන එකක් නැහැ.
hemantha Sunday, 22 August 2021 01:50 PM
ඇන්ටිජන් පරීක්ෂාවෙන් පමණක් නිගමනයකට එන්න බැහැ.
Nihal Sunday, 22 August 2021 02:45 PM
මේ වෙලාවේ මොන පෙරහැරවල්ද? අපි ඉන්දියාවේ කට්ටියනේ...!
නිර්මාල් Sunday, 22 August 2021 03:00 PM
දළදා සමිඳු පිහිට ලැබී නැති අයද මේ එහෙනම්?
ධම්මික Sunday, 22 August 2021 03:06 PM
මොනවා වුණත් කොරෝනා නිසා මිනිස්සුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර සහ ඇදහීම්වල සත්‍යතාවයන්, අසත්‍යතාවයන් කෙමෙන් කෙමෙන් හෙළිදරව් වෙනවා.
pakeer Sunday, 22 August 2021 03:53 PM
යමෙක් පවක් කර ඇත්නම් එය ගෙවන්නම සිදුවේවි.. බුදුහාමුදුරුවන්ටවත් බෑ එ්ක නවත්වන්න.
mohomed agarapatana Sunday, 22 August 2021 06:41 PM
සිකුරාදා පල්ලිවහලා, කෝවිල්වල පූජා නතර කරලා, පල්ලි වහලා.... ඒත් පෙරහැර විතරක් යනවා... එකම රටක් නීති 2ක්.....
Demuni Uduwara Monday, 23 August 2021 03:12 AM
නීතියක් නැති රටක්!
Siri Monday, 23 August 2021 08:35 AM
ඔන්න පෙරහැර පොකුරත් ආවා. දැන් මොකද කියන්නේ සර්.
nilame Monday, 23 August 2021 08:42 AM
මෙම පෙරහැරවල් නිලමෙලයි කරන්නේ. හැමුදරුමුවරු නොවේ.