මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (04) පස්වරු 9.45 වනවිට එක්වූ ආසාදිතයන් 265 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 517 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, එම පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 23,005 දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයෝ වෙති.