
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (21) රාත්‍රී 9.55 වන විට තවත් ආසාදිතයන් 57 දෙනෙකු එක් වී තිබේ.
එම ආසාදිතයන් 57 දෙනා අතර නිරෝධායන මධ්‍යස්ථානයක සිටින අයෙක් සහ ආශ්‍රිතයන් 56 දෙනෙක්ද වෙති.
ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 166 ක් දක්වා ඉහළ ගිය අතර මේ දක්වා වාර්තා වී ඇති මිනුවන්ගොඩ පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2508 ක් දක්වා වැඩි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වලට වඩා බය හිතෙන්නේ සංඛ්‍යා ලේඛන වලටනේ. පුදුමේ කියන්නේ එයාර් පෝර්ට් එකත් වහල තිබුන රටට කොරෝනාව ඇතුල් උනේ කොහොමද කියලයි? හතු පිපෙනවා වගේ ලංකාවේ හැම තැනින්ම කොරෝනා පීදෙනවා. එත්, වයසක අපිට කොරෝනා හැදෙන්නේ නැහැනේ කරුමෙට? එක අතකට , මේ සිරි ලංකාවේ ජීවත් වෙනවාට වඩා හොඳයි කොරෝනා හැදිලා මැරෙන එක?? එහෙම උනා නම් මේ නොමැරෙන පාලකයින්ට අපේ දෙපොලත් අයිති කරගෙන යහතින් ජීවත් වෙන්න තිබුනානේ..
පහුගිය කාලේ ගහපු බොරු කයිවාරු අහන් ඉන්න බැරිම තැන වෙන්න ඇති කොරෝනා වයිරසයට මේ පැත්තට එන්න හිතුනේ ? අර කතාවක් තියනවනේ කකුළුවා නටන්නේ හැලිය රත් වෙනකම් විතරයි කියලා?? දැන් ඉතින් බඩ ගින්නෙම නටන්න පුළුවන්නේ ගේ ඇතුලට වෙලාම !!