
(ජයන්ත සමරකෝන්)
නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන බස්නාහිර පළාත තුළ බෙදාහැරීම සඳහා මාළු කිලෝ ලක්‍ෂ එකහමාරක් පමණ ධීවර වරායන් තුනකින් මිලදීගෙන ජංගම රථ මගින් බෙදාහරින බව ලංකා ධීවර සංස්ථාව පවසයි.
‘කොවිඞ් 19’ වසංගත තත්ත්වයත් සමඟම ධීවර වරායන් තුළ අළෙවිකිරීමට නොහැකිව මෙම මාළු තොග ගොඩගැසී තිබූ බවද ලංකා ධීවර සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ ක්‍රිෂාන්ත රත්නවීර මහතා ‘ලංකාදීප’යට අද (06) පැවසීය.
ජංගම රථ 12 ක් මගින් බස්නාහිර පළාතේ කොළඹට ජංගම රථ 4 ක් ද, ගම්පහට ජංගම රථ 8 ක් ද, යොදාවා ඇතැයි ද ඒ මහතා කීය.
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල ධීවර සංස්ථා අළෙවිසල් විවෘත කොට ඇතැයි ද, පාරිභෝගික ජනතාවගේ මාළු අවශ්‍යතාව එම ස්ථානවලින් ඉටුකරගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.
මේ වන විට මිලදීගත් මාළු තොග කිලෝ 120,000 ක් පමණ බෙදාහැර ඇතත් අවශ්‍ය තරම් මාළු තොග ලැබී නැතැයි ද ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තවම දැක්කේ නැහැ ගම්පහ පැත්තේ මේ විදිහට මාළු අලෙවි කරන රථයක්වත්...