(නිමල කොඩිතුවක්කු)

කොවීඞ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් බස් කර්මාණ්තය මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී පැවසීය.

ප්‍රවාහන අමාත්‍යාංශය හදුන්වා දුන් කොවීඞ් ප්‍රවාහන ප්‍රතිපත්තියෙන් බස් කර්මාණ්තයට හෝ බස් මගියාට අපේක්ෂා කළ ප්‍රතිඵල ලැබී නොමැති බවද ඔහු සඳහන් කළේය.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය කොළඹදී අද(06) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින්  විජේරත්න මහතා මේ බව පැවසීය.

කොවීඞ් දෙවැනි රැල්ල හේතුවෙන් දින 45ක් තුළ පෞද්ගලික බස්රථ රුපියල් කෝටි 200 ක් පමණ පාඩු ලැබූ බවද  ඔහු කීය.

මේ හේතුවෙන් පෞද්ගලික බස්රථ සේවකයන් 50000කගේ පමණ රැකියා අනතුරට ලක්ව ඇති බවද ඔහු සඳහන් කළේය.

පෞද්ගලික බස්රථ 20000ක් පමණ දිනපතා ධාවනය කෙරෙන බවත් එම සියලුම බස්රථවල ආදායමට මෙම තත්වය බලපා ඇතැයිද විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.