IMG-LOGO

බ්‍රසීලයේ කොරෝනා මරණ 31,000 ඉක්මවයි

බ්‍රසීලයේ කොරෝනා ආසාදිත මරණ 30,000 සීමාව පසුකර තිබේ.

කොරෝනා මරණ සංඛ්‍යාව අනුව ලොව සිව්වන ස්ථානයට පත්ව ඇති බ්‍රසීලයේ මේ වනවිට සිදුවී ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 31,199කි.
බ්‍රසීලයට ඉදිරියෙන් සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඉතාලියයි.

යුරෝපයෙන් පසුව ලතින් ඇමරිකාව පුරා වයිරසය වේගයෙන් පැතිර යන බව විශේෂඥයෝ පවසති.

ලෝක සෞඛය සංවිධානයේ අනතුරු ඇඟවීම් නොතකා සීමා ලිහිල් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

වයිරසය වේගයෙන් පැතිර යන තත්ත්වයක් තුළ සීමා ලිහිල් කිරීම ගින්නට පෙට්‍රල් එකතු කිරීමක් වැනි යැයි රියො ද ජෙනයිරෝ ෆෙඩරල් විශ්ව විද්‍යාලයේ බෝවන රෝග විශේෂඥ රෆායල් ගැල්සී මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

මේ සතියේ ලතින් ඇමරිකාව ආසාදිතයන් මිලියනයේ සීමාව පසු කළේය.
එයින් අඩක් පමණ බ්‍රසීලයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 555,383කි.

ලොව දෙවැනියට ආසාදතයින් වාර්තා වන්නේ ද බ්‍රසීලයෙනි.

ඇමරිකාවේ කළු ජාතිකයෙකුගේ මරණය සම්බන්දව පැවැත්වෙන මහජන උද්ඝෝෂණ හේතුවෙන් වයිරසය වේගයෙන් ව්‍යාප්ත වනු ඇතැයි ද විශේෂඥයෝ බිය පලකරති.

දුර්වල සෞඛ්‍ය පද්ධතීන් පවතින පේරු, චිලී සහ මෙක්සිකොව වැනි රටවලද කොරෝනා වයිරසය සීග්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

(ඒඑෆ්පී ඇසුරිණි - 085)



අදහස් (0)

බ්‍රසීලයේ කොරෝනා මරණ 31,000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 128 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site