චීනයේ බීජිං අගනුවරින් නව කොරෝනා ආසාදිත පොකුරු හමුවීමත් සමඟ පාසල් වසා දැමීමටත් ගුවන් ගමන් අවලංගු කිරීමට එරට බලධාරීහු පියවර ගත්හ.
අවසන් දින හයේදී චීනයෙන් කොරෝනා ආසාදිතයන් 137 දෙනකු හමු වී තිබෙන අතර මේ තත්ත්වය හේතුවෙන් දෙවැනි වයිරස රැල්ලක් ඇතිවීමේ අවදානමක් හටගෙන ඇත.
මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් දැඩි පියවර ගැනීමට චීන බලධාරීහු පියවර ගත්හ. චීනය ඊයේ දිනයේදී පමණක් ගුවන් ගමන් 1,255ක් අවලංගු කිරීමට පියවර ගත්හ.
පසුගිය සති දෙකේදී බීජිං නුවරට ගිය සියලු දෙනාට දින 14ක නිරෝධායනය අනිවාර්ය කිරීමට චීනයට අයත් පරිපාලන ප්‍රදේශයක් වන මැකාවෝ පියවර ගෙන ඇත.
ඊට අමතරව චීනයේ නගර සහ පළාත් රැසක් අගනුවර මතු වී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැවත වරක් දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර ගෙන තිබේ.
නව කොරෝනා ආසාදිතයන් වාර්තා වීමත් සමඟ චීනයේ බීජිං අගනුවර පාසල් වසා දැමීමට නගර බලධාරීහු ඊයේ (16) පියවර ගත්හ.
චීනයේ බීජිං අගනුවරින් නව වයිරස ආසාදිත පොකුරු හමුවීමත් සමඟ රට තුළ දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් ද හටගෙන තිබෙන අතර මේ තත්ත්වය හේතුවෙන් බීජිං අගනුවර පාසල් වසා දමන්නැයි එම නුවර අධ්‍යාපන කොමිසම නියෝග කළේය.
බීජිං අගනුවර මිලියන 21කට ආසන්න පිරිසක් ජීවත් වෙති.
‘වීචැට්’ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් පාසල් වසා දමන්නැයි නියෝග කළ බීජිං අධ්‍යාපන කොමිසම බදාදා සිට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්නැයි ද දැනුම් දුන්නේය. විශ්වවිද්‍යාලවලට සිසුන් ගෙන්වා ගැනීම තාවකාලිකව නවතා දමන්නැයි එම කොමිසම උපදෙස් දී ඇත.
ඒ.එෆ්.පී./රොයිටර්
055
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බීජිං නුවර ගුවන් ගමන් 1,255ක් අවලංගුයි