IMG-LOGO

2025 මැයි මස 28 වන බදාදා


පසුගිය පැය 24 තුළ ඇමෙරිකාවෙන් ආසාදිතයින් 84,218ක්

 


 
පසුගිය පැය 24 තුළ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කොරෝනා රෝගීන් 84,218ක් වාර්තා වී ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.
 
ඔවුන් සඳහන් කරන්නේ එය ඇමරිකාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික ආසාදන අගය බවයි.
 
බ්‍රහස්පතින්දා වාර්තා වී ඇති රෝගීන් ගණන 76,195කි.
 
ඔහියෝ, මිචිගන්, උතුරු කැරොලිනා, පෙන්සල්වේනියා සහ විස්කොන්සින් ප්‍රාන්ත වලින් වැඩිපුර රෝගීන් වාර්තා වී තිබේ
 
මිඩ්ඩෙස්ට්, රෝගීන් වැඩිපුර වාර්තා වීමේ නව කේන්ද්‍රස්ථානය ලෙස හැඳින්වේ.
 
ඇමරිකාවේ බටහිර ප්‍රන්තවල පසුගිය සති හතර තුළ රෝගීන් වැඩිවීම 200%කින් ඉහල ගොස් ඇතැයි රොයිටර් පුවත් සේවය විසින් සිදුකළ මෙම විශ්ලේෂණයේ දැක්වේ
 
මෙලෙස රෝගීන් වැඩිවීමට හේතුව සෞඛ්‍ය විශේෂඥයින් නිශ්චය කර නොමැති නමුත් ශීත දේශගුණිකතත්ත්වයන් යටතේ වයිරසය පැතිරීම ප්‍රවර්ධනය වන බවට අනතුරු අඟවා තිබිණි.
පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත වීමද  කොරෝනා සීමා කිරීම් දීර්ඝකාලීනව පැවතීම හේතුවෙන් ඇතිවන විඩාව ද රෝගීන් වැඩිවීමට බලපාන බව සඳහන් වේ.
 
ලොව වැඩිම රෝගීන් සංඛ්‍යාව වන මිලියන 8.5ක් ඇමරිකාවෙන් වාර්තා වන අතර කොරෝනා හේතුවෙන් මේවනවිට ඇමරිකාවේ ජීවිත 224,000ක් අහිමි වී තිබේ

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

පසුගිය පැය 24 තුළ ඇමෙරිකාවෙන් ආසාදිතයින් 84,218ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 174 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 535 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 289 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site