(විනිතා එම්. ගමගේ)
පෞද්ගලික අංශයේ ආයතන හා කම්හල්වල සෞඛ්‍ය කමිටු පිහිටුවීමේ කටයුතු මේ මස 15 වැනිදාට පෙර අවසන් කළ යුතු යැයි කම්කරු අමාත්‍යංශයේ කොවිඞ් කාර්ය සාධක කමිටුව සියලුම පෞද්ගලික ආයතනවලට දන්වා තිබේ.
සේව්‍ය සේවක නියෝජිතයන්ගෙන් යුත් මෙම කමිටුව සෞඛ්‍ය අමාත්‍යංශයේ චක්‍රලේඛවලට අනුගතව කටයුතු කළ යුතු යැයි ද එම කාර්ය සාධක කමිටුව දන්වා ඇත.
මේ වනවිටත් සෞඛ්‍ය හා ස්වස්ථතා කමිටු පවත්වාගෙන යන ආයතනවල එම කමිටුවලට මෙම කොවිඞ් පිළිබඳ සෞඛ්‍ය කමිටුව ඒකාබද්ධ කළ යුතු යැයි ද දන්වා යවා ඇතැයි කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ලංකාදීපයට අද (01)පැවසීය.
මෙම කමිටු පිළිබඳ අධීක්ෂණය කම්කරු නිලධාරින් විසින් සිදුකරනු ඇතැයි කී කොමසාරිස් ජනරාල්වරයා, පොලිසිය හා බුද්ධි අංශ ද ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ද මෙම කමිටු සමඟ එක්ව කටයුතු කරනු ඇතැයි සඳහන් කළේය.
මෙම කමිටුව පත් කරන්නැයි දන්වා යවා ඇති ආයතවලින් ඒ පිළිබඳව අවධානය යොමු නොකරන ආයතන පිළිබඳව නිරෝධායන නීති යටතේ කටයුතු කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව පියවර ගන්නා බව ද හෙතෙම කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd