මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා පොකුරත් සමඟ, මේ වනවිටත් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 13කට වයිරසය ව්‍යාප්ත වී ඇති බවත්, සෙසු දිස්ත්‍රික්ක වෙතද වයිරසය ව්‍යාප්තවීමට වැඩි ප්‍රවණතාවක් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
ඒ අනුව මේ වනවිට කොරෝනා ආසාදිතයන් කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, නුවර, ගාල්ල, හම්බන්තොට, යාපනය, වවුනියාව, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල සහ ගම්පහ පෙදෙස්වලින් වාර්තා වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව මාළු වෙළෙන්දන් 49දෙනෙකු ආසාදිතයන් බව හඳුනාගැනීම හේතුවෙන් දිවයින පුරා මාළු වෙළෙන්දන්ට ද වයිරසය ව්‍යාප්ත වීමේ හැකියාව වැඩි බවත් සමරවීර මහතා පැවසීය.
''පෑලියගොඩ මාළු වෙළඳසැලට සැපයෙන මාළු මුළු රටටම මාළු බෙදාහරිනවා. මාළු වෙළෙන්දන්ගෙන් සහ දිවයිනෙන් බැහැරට මාළු ගෙන යන ධීවරයන් ඇසුරු කළ පිරිසට වයිරසය ආසාදනය වීමට ඉඩ තිබෙනවා.
එනිසා පෑලියගොඩ වෙළඳ සංකීර්ණයෙන් මාළු මිලදීගත් වෙළෙන්දන්, තමන්ට වයිරසය ආසාදනය වීමේ රෝග ලක්ෂණ පහළවෙනවාදැයි සැලකිලිමත් විය යුතුයි'' යැයිද වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
(16844)
(ඡායාරූප - ළහිරු හර්ෂණ )
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දිස්ත්‍රික්ක 13කට කොරෝනා පැතිරිලා
Nuwan Thursday, 22 October 2020 11:58 AM
දැන් ඔය කටින්ම නේද කිව්වේ මිනුවන්ගොඩ ආසාධිතයෝ වාර්තාවෙන එක අඩුවුණා කියලා සතියකට කළින්? අයියෝ සල්ලි..!!!
pakeer Thursday, 22 October 2020 02:00 PM
ඒ වුණාට තාම සමාජගත වෙලා නැහැ...!!!